Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sithujaya ( JAYARATHNE ) level_badge

Sithujaya ( JAYARATHNE )

Backend Developer

Apr 21 2026 @ 18:22

රස දෙන් නාඹර



සිකි පිල් වසා රණ හංස දෑල සඟවාය ළැම
ඉඟ නෙරිය රස භවන නාඹර තඹර තොල
කුරුඳු දෑස් නොපුරුදු හැඟුම් රසකි වපුරන
මට මදි ලිය නියපාරින් විසිරීද සළු සයනය

රන් මුදු තෝඩු වළලු අවැසිව කෙල්ලෙකුට
හරි ඇහැකට ඇය ලස්සන වැඩි නිරුවතට
කුටිය අඳුරු වුණත් මල් පිපුණා ආලිංගයට
යුෂ උරන් බොම් නොරිද්දා බඹරිඳු තාලයට

වැනෙන් නුඹ වැලක් මෙන් මං නාඹර තුරු
එතෙන් ගත වටෙන් උණුහුමක් දෙන් හුරු
තවන් ඛේට දියෙන් තුඩ අග ගැලූ දිය සරු
කළඹන් මන රඟපන් රති රස දෙන් දූ මරු