Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sithujaya � level_badge

Sithujaya

Backend Developer

Aug 06 2026 @ 22:21

ලීල පොතු



ධීර පුතු හිසට අත් ධෝවනය
පියාපත් සැලෙද්දෑ ක්‍රෝධයට
අවාරෙක මල් තලන්ට ප්‍රීතියට
ලීල මුල් පොතු මුඛ ශෝධනය

තීරණය තීරකයා ගත් භීතියට
නව දිනක හිරු හැංගි සීතලක
රතු දම් කළු සුදු මල් පේළියට
වැළපෙනවා නොපිපි වියරුවක

දරා කඳුළු හංගා මං ආවා
මරා හ'දක් බිංඳා ළං වූවා
නුරා පර කුසුම් සිඹ සැනසූවා
වරා මලක් සුළඟක සැඩ ලූවා

පිළුණු බත් වළලද්දී හිනස්සා
රස බලන ප්‍රේතයෙකු ඇහින්දා
ප්‍රේතියකත් ආලිංගිත විරිත්තා
කන කෑවා අඟ කපලා විසික්කා

බුන්මත් ආල ස්නේහ නැවතූ
සංතාපයන් ඉතිරිද නොපැතූ
කාංසා අරගල භූමිය සැරසූ
දල්වාලන් නැණ පහන් එළිවූ

____