Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sithujaya � level_badge

Sithujaya

Backend Developer

Aug 08 2026 @ 06:11

පල්ලේගණ ව(මැ)රුණ



හෙණ ගහනවා වළදන දන දානා
දස, අට නෙව පහ පව් සීල නා දා
සර සර සුළඟක කඳුළෙ අඳෝනා
ගණ ලිඟු පල් ආවාසයේ නලෝවා

පහළොස් වියැති කුළුදුල්ද දියණි
ගිනි නොදැනිද රාග දුක්මැ ඇවිලි
අටමහ තැන යටවි බිය ඈ දැවිනි
බුදු පුදටද පොඩි මලක් යයි පරවී

මහ නරපති කර මහ ගෑණිත් නිදි
දැස් වසා එදෙස පෙරහර නරඹති
මට දෙස බස පල්ලා වරමක් ඇති
කළු හේමරතන කෑලි කර වළලමි

මැටි පිළිමෙකට පෙණුනෙවත් නැති
මුදලට විකුණුනද සැකයකුත් වෙති
අප්‍රිය බලන්නට පන්සලක් ඇති පැති
ඇයි සකි ඔච්චරටම උඹ නැවි ගැති

පැන්නා ඌ විද්දා වැදුණද පඳුරට
මැන්නා ගස් පමණද බැලු නුවණද
මිහිඳු උඹද අඹ දැකලම නැතුවට
හෙළ දෙසටම පකකටැයි වැඩියද?

____