හුඟක් දුර ගෙවා ඇවිදින්
අරුත් සුන්වුනු මග දිගේ...
හතිලමින් ඔහේ ඇවිද්දෙමි
පලක් නෑ පෙනෙන්නේ...
අතපයත් දැන් වාරූ නෑ
එදා ඔට්ටු වුනු ලෙසේ..
මටත් මා අහිමි වී ගිහින්
හොදක් නම් නෑ ඇසුනේ..
හෙටත් ඇයි එළිය අහිමිව
දුකක් නම් පිරෙන්නේ..
තවත් කල් ඇති ගෙවන්න
කරපු පව් වැඩී සසර ගමනේ.
කලත් කාටත් කොතෙකුත්
ගඟට කැපූ ඉණි සේ...
කමක් නෑ හමූනූනත්
දුදනන් මේ ලෙසේ ...
මටත් දැන් ඕනී සැනසුමක්
නිදියන්න නිදහසේ...
හුස්ම පොද නවතිමුද
සුරලොවක් ඇති එහේ...
✍️භාෂී...❤️