Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Oct 23 2024 @ 04:10

🖤හේල්‍යා🖤 - 2



2 කොටස

"හරි එහෙනම් අහගනින්කෝ හොඳට ඔය ආවේ අපේ චූටි මැනික.අපේ අම්මිගෙයි තාත්තිගෙයි චූටිම දුව. එයාව අපිට පොඩි ප්‍රශ්නයක් උන නිසා චූටි කාලෙම රට යවන්න උනා.ගොඩාක් අය දන්නෑ චූටි නංගි ගැන මොකද චූටි නංගි රට යනකොට අවුරුදු 6ක් විතර දැන් චූටිට  අවුරුදු 23 කුත් වෙනවා.ඒ අවුරුදු 6න් ගියාට පස්සේ අද තමා ලංකාවට ආවේ.මෙච්චර කල් අපි ගිහින් එයාව බලලා ආවේ. අපේ චූටි නංගි doctor කෙනෙක් ඔය දැන් ආවෙත් vacation එකකට. වෙනදට අපි යනවා මේ පාර තාත්තිට කියලා කියලා ඇවිත් තියෙන්නේ. හරි දැන් උබලට තව ප්‍රශ්න තියනවද ? ආ අනූ මැනික මාත් එක්ක තරහ වෙන්න එපා දැන් හරි මේක කිව්වෙ නෑ කියලා ඇත්තටම නංගිව ආරක්ෂා කරන්න ඕනේ හින්දා මෙච්චර කල් මේ රහස අපි හංගන් හිටියේ." ලොකූ


" නෑ හේෂ් මට තේරෙනවා මං තරහ නෑ මට තේරෙනවා. තාත්ති මෙහෙම කරන්න ඇත්තේ හේතුවක් ඇතුවනේ" අනූ


"ඇහෙනවද රුවී මං ඔයාට හැමදාම කියන්වනේ මට හම්බෙලා තියෙන්නේ ලේලියෙකුයි බෑනෙකුයි නෙවෙයි දුවෙකුයි පුතෙකුයි කියල"විරාජ්


" රුවී යන්නැද්ද චූටි දූත් ආවානේ අපි ඉක්මනට ගිහින් එමු.."
"ඉන්න එනවා මං චූටිට කියලා එන්නම් "


"හා හා ලොකූ, අම්මයි මායි විජේ අන්කල්ලාගේ ගෙදර ගිහින් එන්නම් ඉක්මනට අපි රෑ කෑමට එන්නෑ සුදූ කටිටිය ඕනේ කරන දේවල් දෙන්න.අපි ගිහින් එන්නම්""හා තාත්ති" 



 ටිකකින් දිනූ ගියත් රූහිව එක්ක එන්න රූහිට මහන්සියට නින්ද ගිහින් තිබ්බා. ඇහැරෙව්වත් කෙල්ල අනිත් පැත්ත හැරිලා නිදාගත්ත හින්දා දිනූ කෙල්ලට කෙල්ල කැමතිම chocolate drink එකක් හදලා වහලා තිබ්බා.



පහුවදා උදේ

"අම්මී"

"මොකෝ චූටි උදේම ඇහැරිලා තව ටිකක් නිදාගන්න එපැයි කෙල්ලෙ තාම 7ටත් නෑනේ "

"නෑ අම්මී පුරුද්දට ඇහැරුනා."

"බඩගිනිද ඉන්නකෝ තව ටිකක් වෙලා යයි උයලා ඉවර වෙද්දී මං chocolate milk එකක් හදලා දෙන්නම්.
අක්කි කිව්වා රෑ කෑවේ නෑ ඊටපස්සේ chocolate එකක් හදලා තිබ්බා කියලා බිව්වද?"

"ඔව් අම්මී පාන්දර බඩගින්නක් ආවා ඊට පස්සේ බිව්වා"

රූහි අම්මත් කතා කර කර ඉදලා අයියගෙයි අක්කගෙයි තේ දෙකත් ඉල්ලගෙන දෙන්නව ගිහින් ඇහැරෙව්වා.


ටිකකින් කට්ටිය breakfast ගන්නකොට 

"තාත්තේ guard එක වැඩි කරාද ?"

"ඔව් ලොකූ නංගිත් ඉන්න හින්දා මං වැඩි කරා ඔයා අද club එකට යනවා කිව්වා නේ නංගිවත් එක්ක යන්න අද කොහොමත් ඔයාලා කට්ටිය එකතු වෙන්න දවසනේ නේදා?"

" ආ ඔව් තාත්තේ චූටි ලෑස්ති වෙන්න ඈ සුදූත් එනවනේ නේ "

"නැත්තං මං මඟ අරිනවද අද වගේ දවස්"

8.30 ට විතර කට්ටියම ලෑස්ති වෙලා club එකට ගියා කෙල්ල නම් තෑගි ගොඩාක් උස්සන් ගියා කට්ටියට ගෙනාපුවා කියලා.ගෙදර අයට ගෙනාපුවත් ඔක්කොම දුන්නා. කෙල්ල ගෙදර වැඩ කරන අයට පාවා චූටි චූටි මොනාහරි හරි ගෙනත් තිබ්බා. 

club එකට ආවාට පස්සෙ කට්ටිය ගියා යාලුවෝ හම්බෙන්න.


 මේක club එකක් කිව්වට වෙන clubs වගේ නෙවෙයි. gaming club එකක්. චූටි ළමයාගේ ඉඳන් වයසක කෙනෙක්ට ඉදලම විනෝද වෙන්න පුලුවන් . මේක eight  in one එකේ වැඩක් eight in one කියන්නේ දේව් එයාගේ පොඩි කාලේ ඉදන් ඉන්න යාලුවෝ 6ත් එක්ක හදපු group එකක්.


රූහිව දැකපු කොල්ලො ටික පුදුම උනා මොකද ඊයේ කෙල්ලව හරියට කවුරුත් දැකලා තිබ්බෙ නෑ.කෙල්ල අදත් mask එක දාන් ආවට eight  in one ලාගේ private room එකට ආවට පස්සේ ගැලෙව්වා.එතකොට තමයි කොල්ලො ටික කෙල්ලගේ මූණ දැක්කේ.

ඇත්තටම කිව්වොත් කෙල්ල ගොඩක් ලස්සනයි දණිස්සට අඟල් දෙකක් තුනක් විතර උඩට වෙනකන් තිබ්බ කොණ්ඩය කෙල්ලගේ ලස්සන තවත් වැඩි කරා.

ඊට පස්සේ  දේව් යාලුවෝ ටික කෙල්ලට අඳුන්වලා දෙන්න ගත්තා

"චූටි මේ ඉන්නේ හේෂ් එයාව නම් දන්නවනේ කොහොමත්,
 
එතකොට මේ ඉන්නෙ අකීල් දන්තනාරායන හේල්‍යා hospital එකේ pedestrian කෙනෙක්,
 
එතකොට මේ කල්ප රණවන කොල්ලා තමා king hotels වල owner,
 
මේ ඉන්නේ සොනාල් හේමසිංහ කොළඹ ආනන්දේ physics sir tution වැඩත් යනවා මූ තමා අපේ busyම එකා ඒ හින්දා ,

මේ ගගන විජේසිංහ මූ තමා අපේ programmer මූ ඉන්නේ ඒ හින්දා මෙහෙම තමා කොල්ලා ගෙදර ඉදන් වැඩ"

"තව ටික කාලයයි බං මූට ගෙදර ඉදන් වැඩ කරන්න වෙන්නේ හේල්‍යා එකෙන් ලංකාවේ branch එකක් open කරන්නලු යන්නේ "අකී

" ඒ නම් කොල්ලො සැප කනේ දැන් ඈ, චූටි එතකොට මේ ඉන්නෙ අපේ cricketer මූව අල්ලන් පුලුවන් කාලෙකට විතරයි නම විවේක් කාරියවසම් "ලොකූ.

" මං මේ අයියාවනම් දැකලා තියනවා match වල 
කට්ටිය match බලන වෙලාවට ඒත් මං බැලුවා මේ අයියා දැකලා පුරුදු මොකද කියලා" රූහි කිව්වා.

කෙල්ල ඊට පස්සෙ කට්ටියටම ගෙනාපු gift බෙදුවා ඒකේ තිබ්බ විශේෂම දේ තමා bracelet එක 8 දෙනාටම එක වගේ හදපු bracelet.
 
" අයියේ 8 කිව්වට 7 යිනේ කෝ අනික් එක්කෙනා.?"රූහි.

"අප්පට සිරි ඔව් නේ හේෂ් කෝ බන් කේශ් ?" ලොකූ

" hospital බං ඊයේ දවල් ගියපු එක මං උදේ එනකොටවත් ඇවිත් හිටියේ නෑ හවසට එයි උබලගේ ගෙදර නංගිට දෙන්න පුලුවන්නේ එතකොට "

එතකොටම කෝල් එකක් ආවේ කල්පට .

"හෙලෝ මොකද උනේ අදවත් හරිගියාද ?...... ආ එහෙමද තව try කරන්න මාත් බලන්නම්."කල්ප.

කල්පගේ බලාපොරොත්තු සුන් වූ මුහුණ දුටු
අකී "why bn මොකක්ද අවුල?"

"අම්මට ඉක්මනට surgery එක කරන්න ඕනා බන් නැත්තං life එකට risk එකක්.මට තාම doctor හේලිව contact කරගන්න බැරිඋනා.ආරංචියක් තියනවා එයා මාස 2ක නිවාඩුවක් අරන් කියලා කිසිම surgery එකක් කරන්නේ නෑ කියලා"
 
"උබ කේශ්ට කිව්වෙ නැද්ද කොල්ලා doctor හේලි එක්ක research එකක් කරා නේද කොල්ලා දන්නවා ඇතිනේ"

"ඇත්තටම මට අමතක උනානේ බන් වෙලාවකට මගේ ඔලුවත් එක්ක විකාර වෙලා තියෙන්නේ මට ඉන්නෙත් අම්මා විතරයි හම්බ කරපු සේරම හරි වියදම් කරලා හරි අම්මාව සනීප කරගන්න තිබ්බනම් ඇති බන්."

"අපි දන්නවා ඒත් උබට කවුරුත් නෑ කියලා නම් කියන්න එපා යකෝ අපි ඉන්නේ." කවී

"ඇයි අයියා අයියාගේ අම්මට මොකක්ද තියෙන්නේ."රූහි

"අම්මට brain tumor එකක් නංගි. මෙහේ hospital වල බැලුවා ඕසිවල බැලුවා. specialist ලා කීයක් channel කරාද? surgery එකක් කරන්න කවුරුත් බෑ කිව්වා.මට තියන එකම බලාපොරොත්තුව doctor හේලි විතරයි .ඒත් එයාගෙන් appointment එකක් ගන්න එක අමාරු වැඩක්.ඒත් අද හෙටම contact කරගත්තොත් මට අම්මගේ surgery එක අවුරුද්දකින්වත් කරගන්න පුලුවන්"කල්ප.

"වෙන doctor ලා නැද්ද බන් එයාවම හොයන්නේ ඔය doctor ගැන වැඩි විස්තරේකුත් නෑ නේද අඩුම මූණක්වත් දැකපු කෙනෙක් නෑනේ. අපේ hospital එකේ owner doctor හේලි කියලා කතාවකුත් තියනවා.උබ දන්නවානේ හේල්‍යා hospital කොච්චර ලොකු ජාලයක්ද කියලා.අනික බන් තව අවුරුද්දක් නැන්දිව ඔහොම තියාගෙන ඉන්න බෑ බන්." අකී

" අනේ මන්දා බන්. වෙන කරන්න දෙයක් නෑ අහපු ගොඩාක් අය recommend කරේ doctor හේලිව. කොටින්ම කිව්වොත් සමහරු අවුරුදු දහය පහළව experience තියන neuro surgeon ලා" කල්ප.

මේ කතා අසා උන් රූහි හදිසියේම
 
"අයියෝ අයියා මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා මගේ වැඩ වගයක් තියනවා ඉක්මනට කරගන්න. මං තාත්ති හම්බෙලා එන්නද?" . 
 
"ඒත් චූටි දැන්නේ ආවේ පස්සෙ බෑද ?"ලොකූ.

"ඒ ටික ඉක්මනට කරගන්න ඕනේ අයියේ මං එන්නම් හොඳේ . ඒක නෙවෙයි අයියලා හවසට අපේ ගෙදර එනවා නේ අනිවාර්යයෙන් එන්න හැමෝම මං බලන් ඉන්නවා. ආ අනික ඔය කේශ් අයියාගේ gift එකත් දෙන්න එයාට. bye"

"bye නංගෝ පරිස්සමින් යන්න "

"චූටි එළියේ ගාඩ්ලා ඉන්නවා car එකත් තියනවා තනියම යන්න පුලුවන්ද මං එන්නද?"ලොකූ.

"අයියෝ ලොකූ මං දැන් ලොකුයි මට පුලුවන් මං යනෝ"

කොල්ලො සෙට් එකටත් යනවා කියලා එළියට ආපු කෙල්ල car එක පැත්තට යද්දී දැක්කේ හැමදාම කෙල්ලට හීනෙන් පේන කොල්ලව .

 ඒත් ඒ රූපේ ටිකක් වෙනස් වෙලා කොණ්ඩේ වවලා රැවුල වවලා හරියට මැරයෙක් වගේ. ඒත් එක්කම කෙල්ලගේ ඔලුවත් රිදෙන්න ගත්තා. කෙල්ලට විසඳගන්න දෙයක් තිබ්බ හින්දා කෙල්ල ගියේ ඉක්මනට තාත්තා හම්බ වෙන්න.


Loading...