Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Mar 06 2026 @ 12:00

The Bitter Sweet Harmony ❤️‍🔥

  01st Episode❤️‍🔥












" තමුසෙට යන්න ඕන්නම්.. මේ කොල්ලා අතින් මේ රෝස මල අරගෙන ඌට I Love You කියපන්..."


" මොකක්ද මෙතන වෙන්නේ...." ඈතින් ඇහුන ඒ ගාම්භීර කටහඬට වටේ හිටිය අය ඈත් වුනේ කටහඬේ අයිතිකාරයට එන්න ඉඩ දීලා.


හරි හරි මම දන්නවා... මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බෑ නේද... ඉන්න මම පැහැදිලි කරන්නම්...


මේ කොළඹ යුනිවර්සිටි එකේ science faculty එක...


First yearsලා භාර අරගෙන තාම වැඩි දවසක් නෑ... ඉතින් රැග්ස් තමා ඒත් දරුණු ඒවා නම් නෙවෙයි...


මේ වෙලාවේ 3rd year එකේ සෙට් එකක් හිටියේ ෆස්ට් ඉයර් කෙනෙක්ව රැග් කර කර.. එතනට ආව ගාම්භීර කෙනා වෙන කවුරුත් නෙවෙයි ආයුශ්... ආයුශ් නිර්දක දිසාසේකර... එයා තමා 4th year එකේ රෙපා.. ඉතින් එයාට හැමෝම බයයි...

ආයුශ් කට්ටිය අතරින් ආවේ රැග් කරන තැනට..
පුටුවක් උඩ ඉඳගෙන ඒ කොල්ලව රැග් කර කර හිටියේ කවීන්..
කවීන් ආයුශ්ව දැක්ක ගමන් පුටුවෙන් නැගිට්ටා..


" මේ ආයුශ් අයියේ..."


" මොකද කරන්නේ ආ..."


" මේ දන්නැද්ද අයියේ මේ පොඩි එකාව පොඩ්ඩක්..."


" තමුසේ මුන්ව බය කරනවානේ.. තමුසේ දැන් මේ කොල්ලව රැග් කරනවා කිව්වට මේ කෙල්ලවත් බය කරන්නේ.. "


කවීන් බයටම බිම බලාගත්තා..


" අඩෙහ් රැග් කරන්න ඕන ෆස්ට් ඉයර්ස්ලානේ බන්.. උබ මොකද මේ නංගිවත් රැග් කරන්නේ.. ඔයා ෆස්ට් ඉයර් නෙවෙයි නේද නංගි..." ආයුශ්ගේ යාළුවා දුලාන් ඇහුවා.


" නෑ අයියේ... මම තර්ඩ් ඉයර්..." ඒ ගෑනු ළමයා එහෙම කියලා බිම බලාගත්තා.
කණ්ණාඩි දාලා බ්‍රේසස් දාලා හිටිය ඒ ගෑනු ළමයා ඇත්තටම කිව්වොත් ආයුශ් කැම්පස් එකේ ඉන්නවා දැක්කෙත් අද.

" තර්ඩ් ඉයර්... තමුසෙ මොකටද රැග් වෙන්නේ ආ.. එතකොට කවීන් තමුසෙ මොකද තමුන්ගේ ඉයර් එකේ එකියක්වම රැග් කරන්නේ... මොකක්ද තමුසෙගේ නම..." ආයුශ් ඒ කෙල්ලගෙන් ඇහුවා.




" සාක්ෂි..."




" හ්ම්ම්... යනවා දැන් මෙතනින්.. කවීන් තමුසෙත් රැග් කරනවා නම් ෆස්ට් ඉයර්ස්ලාව රැග් කරනවා ලැජ්ජ නැද්ද ඕයි කෙල්ලෙක්ට වද දෙන්න..." කිව්ව ආයුශ් එතනින් ගියා.




කවීන් තරහින් අත මිට මොලව ගත්තේ හැමෝම ඉස්සරහ ලැජ්ජ වුන හින්දා.




" මම ඒකිව මගේ කරගන්නවා බලපන්කෝ... හොඳින් හරි නරකින් හරි... ඒකිව යාලු කරගෙන ඒකිට දෙන්න පුලුවන් වද සේරම දෙනවා..." කවීන් සාක්ෂි යන දිහා බලන් තරහෙන් කිව්වා.




ආයුශ්ලා එතන ප්‍රශ්නෙත් විසඳලා ආවේ කැන්ටින් එකට.


ආයුශ් ඒ එනගමනුත් කල්පනා කලේ සාක්ෂි ගැන. මොකද ආයුශ්ට සාක්ෂිව දැකලා පුරුදු ගතියක් දැනුනා.




" මේ අර කෙල්ල කොහෙ එකියක්ද බන්.." ආයුශ් දුලාන්ගෙන් ඇහුවා.




" දන්නෑ බන් මං ඒකි ෆස්ට් ඉයර් නෙවෙයි කියලා දන්නෙත් ගිය අවුරුද්දේ ඒකි මොකක් හරි කම්පෙටිෂන් එකකින් දිනලා නෝටිස් බෝර්ඩ් එකේ ඒකිගේ ෆොටෝ එකක් තිබ්බ හින්දා.. ඒකේ නිකන් මතකයක් තිබ්බ විතරයි.. ඒකිව හැබෑවටම දැක්කෙත් අද මම..."




" කවුද... කවුරු ගැනද කියන්නේ ඔය..." රිද්මි.
එයත් ආයුශ්ගේ යාළුවෙක්.




" ඔය ආවේ ඕපදූප මල්ල.. මේකි දන්නවා ඇති ඒ කෙල්ල ගැන විස්තර..."


" අනේ මේ දුලා නිකන් ඉඳපන්... මොකෝ අපේ ආයු කොල්ලට කෙල්ලෙක්ට හිතවත් ගිහින්ද..."


" පිස්සුද යකෝ... මූ වගේ එකෙක්ට ඒ වගේ කැත එකියක් සෙට් කරන්න මට නම් අම්බෝ...."


" කැත එකියක්... කා ගැන ද ඔය කියන්නේ..."


" උබ දන්නවද තර්ඩ් ඉයර් එකේ ඉන්න සාක්ෂිව..."


" සාක්ෂි... සාක්ෂි... ආ අර කණ්ණඩි දාලා බ්‍රේසස් දාලා ඉන්න කෙල්ලද..."


" අන්න හරි ඒකි තමා... මං කිව්වේ මේකි ඕපදූප මල්ලක් කියලා නිකන් ඇයි..."


" අනේ මේ.. සාක්ෂි ගැන මොනාද දැන් දැනගන්න ඕනේ..."


" සාක්ෂි කොහෙ කෙනෙක්ද..." ආයුශ්.


" ආ... මට මතක විදිහට... කුරුණෑගල ද... අ... අනුරාධපුරේද මන්දා... ඇයි ආයු මොකෝ උබට ඒකිට හිතවත් ගියාද..."


" පිස්සුද බන්... මට ඒකිව දැකලා පුරුදුයි ඒකයි... මොකක්ද ඒකිගේ සම්පූර්ණ නම..."


" සම්පූර්ණ නම... සාක්ෂි... ආ යන්නෙන්නෙන් පටන්ගන්න මොකක් හරි කෑල්ලක්ද කොහෙද තියෙන්නේ බන් මතක නෑ..  උබ සමහරවිට කැම්පස් එකේම කොහෙන්හරි දැකලා ඇති.. යකෝ ඒකි අවුරුදු තුනක්ම හිටියනේ..."


" නෑ නෑ කැම්පස් එකේදි නෙවෙයි... "


" මමත් අදමයි යකෝ ඒකිව දැක්කේ.. අඩෙහ් ඇත්තට අවුරුදු තුනක් ඉඳලත් මම ඒකිව අදනේ හැබැහින් දැක්කේ..."


" සාක්ෂි වැඩියේ සමාජෙට එන කෙනෙක් නෙවෙයි බන්.. අඩුම තරමේ මේ අවුරුදු තුනටම හොස්ටල් එකේවත් නතර වෙලා නෑ.. මං හිතන්නේ එකිට යාලුවෙක්වත් ඇත්තෙත් නෑ.. හැබැයි මං අහගෙන ප්‍රොෆෙසර්ලත් ඒකි ගැන කතා වෙනවා ඒකි තමයිලු බැජ් ටොප්.. "


" අඩොහ් ඒ තරන් මීටරයක්ද.. මොකක්ද ඒකිගේ කෝස් එක.."


" Mollicular එකේ ඉන්නේ..."


" අඩෙහ් සිරාවට... උබ මොනාද ඔච්චර කල්පනා කරන්නේ..." දුලාන් ආයුශ්ගේ පිටට එකක් ගහන ගමන් කිව්වා.


" නෑ බන් මට මේකිව හොඳට දැකලා පුරුදුයි... " කිව්ව ආයුශ් ෆෝන් අරන් කෝල් එකක් ගත්තේ අම්මට.


" හෙලෝ අම්මේ..." ආයුශ්ගේ අම්මා සරලා..


" අම්මේ මේ.. කුරුණෑගල ලොකු මාමාගේ දුවලා තුන්දෙනෙක් නේද ඉන්නේ..."


" අර දිව්‍යාගේ කෙල්ලො ගැනද ඔය අහන්නේ..."


" ඔව් ඔව් දිව්‍යා නැන්දාගේ තමා..."


" ඔව් තුන්දෙනෙක් තමා.. මොකටද ඒ කෙල්ලො ගැන අහන්නේ.. මට ඒ දිව්‍යා ගෑනිව මතක් වෙද්දිත් ඇඟේ මාලු නටනවා..."


" මේ...අම්මේ... එයාලාගේ නම් මොනාද..."


" උන්ගේ නම් මට මතක නෑ... අනික උන්ගැන මොකටද දැන් ඔයා හොයන්නේ..."


" අයියෝ අම්මේ පොඩ්ඩක් මතක් කරන්නකෝ... නිකන් සාක්ෂි කියලා වගේ නමක් තිබ්බද කාටහරි..."


" උන්ගේ හරි නම් දන්නෑ මම නම්.. උන්ගේ ගෙදරට කියන නම්වලින්මනේ කතා කරේ... චූටි...චූටි...." සරලා කෝල් එකේ ඉඳන්ම කතා කරේ ආයුශ්ගේ නංගිට. ආයුශ්ගේ නංගි ටෂ්මි... අවුරුදු 16යි...


" ඇයි අම්මා..."


" අර දිව්‍යාගේ කෙල්ලො තුන්දෙනාගේ නම් මතකද ඔයාට..."


" ආරු අක්කගෙද නිශූ අක්කගෙද නැත්තන් සෙතුගෙද...."


" අම්මේ ආරුගේ නම ආරුගේ නම් ඕනේ..." ආයුශ්.


" ආරුගේ..."


" ආරු අක්කගේ නම.. සාක්ෂි ආරාන්‍යා...."


" සාක්ෂි ආරන්‍යා..." ආයුශ් මිමිනුවා.


" අන්න හරි සාක්ෂිගේ නම ඒක තමයි බන්..."  රිද්මි කිව්වා.


" ආ හරි අම්මේ මං තියන්නම් ඈ..."


" දැන් මොකටද ඒ කෙල්ලගේ නම් හෙව්වෙ..."


" අයියෝ අම්මේ මම අනිද්දට ගෙදර එනවා එතකොට කියන්නම්කෝ..." කියපු ආයුශ් කෝල් එක කට් කරා.


" අඩෙහ් ඒකි මගේ නෑනා බන්..." ආයුශ් දුලාන්ටයි රිද්මිටයි කිව්වා.
දුලාන්ට බිබී හිටිය බීම එකත් ඉස්මොල්ලෙ ගියා. රිද්මි දුලාන්ගේ පිටට ගැහුවා එකක් දුලාන්ගේ පිට පුපුරු ගහන්න.
" බුදු අම්මෝ මරන්නද හදන්නේ යකෝ..."




සාක්ෂි ලෙක්චර් එක ඉවර වෙලා එළියට එනකොට දැක්කෙ හෝල් එක ළඟම ඉන්න කවීන්ව.


උදේ වෙච්ච දේත් එක්ක කවීන් ඉන්නෙ තරහෙන් වෙන්නැති කියලා දන්න සාක්ෂි කවීන්ව මඟ ඇරලා බිම බලාගෙන එන්න ගියේ.


" සාක්ෂි ඔහොම ඉන්න පොඩ්ඩක්..." සාක්ෂි එකපාර නතර වුනේ කවීන් කතා කරපු හින්දා.


සාක්ෂි ඊටත් වඩා පුදුම වුනේ කවීන් කතා කරේ කිසිම තරහක් නැතුව හින්දා.


" සාක්ෂි මට සමාවෙන්න... මට උදේ එහෙම නොකර ඉන්නයි තිබ්බේ.. මට සමාව දෙනවද..." කවීන් සාක්ෂිගේ මූණට එබිලා ඇහුවා.


සාක්ෂි කන්ෆියුස් වෙලා හිටියේ කවීන් මේ කිව්ව දේත් එක්ක.


ඒත් සාක්ෂිට එකපාර මොන විදිහේ උත්තරයක් දෙන්නද කියලා හිතාගන්න බැරි වුනා. මොකද අද උදේ වෙච්ච සිද්ධිය කවීන් සාක්ෂිව ගුලි කරපු පළවෙනි පාර නෙවෙයි.




සාක්ෂි වටපිට බැලුවේ මේකත් කවීන්ගේ ඒ වගේ මොකක් හරි වැඩක් ද කියලා දන්නැති හින්ද.


ඒක දැක්ක කවීන්,
" සාක්ෂි මම අද ඔයාගෙන් ඇත්තටමයි මේ සමාව ඉල්ලන්නේ... මම ඔයාට සලකපු විදිහ වැරදි මට දැන් තමා ඒක තේරෙන්නේ...මට සමාව දෙනවද... මං දන්නවා ඔයාට මාව විශ්වාස නෑ කියලා.. ඔයා කැමති නම් අපි කෝපි එකක් බොන ගමන් කතා කරමුද..."


" නෑ ඕන නෑ කවීන්... මම ඔයාට සමාව දුන්න.. ඔයට එච්චර නම් කියන්න තියෙන්නේ මම යන්නම්..." කිව්ව සාක්ෂි යන්න හැරුනා.


" සාක්ෂි.. ඔයා ඇත්තටමද කිව්වේ... එහෙනම් අපිට යාලුවෝ වෙන්න පුලුවන්ද..." කවීන් ඇහුවා.


" කවීන් මට..."


" කවීන් ආයේ ඔය කෙල්ලව රැග් කරනවද ඒ ගමන...." ආයුශ් එතනට එනගමන් ඇහුවා.


" නෑ නෑ අයියේ මම මෙයාගෙන් සමාව ඉල්ලුවේ..."


" ඇත්තද මූ කියන්නේ..." සාක්ෂිගෙන් අහද්දි සාක්ෂි ඔව් කියන්න ඔලුව වැනුවා.


" හා..  උබ පලයන්කෝ දැන්... සාක්ෂි... ඔයා මාව දන්නවද.." කවීන්ව යවලා ආයුශ් සාක්ෂිගෙන් ඇහුවා.


" නෑ...." තනි වචනෙන් සාක්ෂි උත්තර දුන්නා.


" ඔයා සූරිය ආරච්චි කෙනෙක්නේ..."


ඒකට කට කොණින් හිනා වුන සාක්ෂි,


" මගේ නමේ සූරියආරච්චි කියලා කෑල්ලක් තියනවා තමා ඒත් මම සූරියආරච්චි කෙනෙක් නෙවෙයි... වැඩක් නැත්තන් මට යන්න දෙන්න..."


" ඒයි නංගි..  තමුසේ මේ කතා කරන්නේ ආයුශ්ට... තමුසේ මොන හයියක් අරන්ද ඔහොම කතා කරන්නේ..."


" හරි ඉතින් මෙයා ආයුශ් වෙන්නැති... ආයුශ් බැරි නම් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වුනත් මට මොකද... මට කිසි දේකින් වැඩක් නෑනේ... අයින් වෙන්න මට යන්න දීලා..."


ආයුශ්වත් දුලාන්වත් අයින් නොවිච්ච හින්දා සාක්ෂි ඒ දෙන්නාගෙන් අයිනෙන් පාර එහා පැත්තට ආවා.


" ආරු.. එතකොට ඔයාට මාව මතකම නැද්ද... ඔයාගේ නුවර නෑදෑයෝ ගැන..."


යන්න ගියත් ආයුශ් කිව්ව දේට සාක්ෂි නැවතුනේ සාක්ෂිට හොඳටම තරහ ගිය හින්දා.


මොකද සාක්ෂි මේ ලෝකේ අහන්න අකමැතිම වචනවලින් එකක් තමයි නෑදෑයෝ කියන්නේ...


" මිස්ටර් ආයුශ්..  මට නෑදෑයෝ නෑ.. මට ඉන්නේ මගේ අම්මයි නංගිලා දෙන්නයි විතරයි.. " කිව්ව සාක්ෂි එතනින් ගියා.


" අඩෙහ් ඒකිගේ තියන රෙස්පට් එක බන්.. උබටත් පිස්සුනේ සෙකන්ඩ් වෙන්න යන්නේ..." දුලාන්.


ඒත් ආයුශ්ට නම් ඒ දේ ඇහුනේ නෑ. මොකද ආයුශ් තාමත් බලන් හිටියේ සාක්ෂි යන දිහා.


" ආයු... උබ මොන ලෝකෙද ඉන්නේ..."


" අහ්... ඇයි බන්..."


" උබ අරකිට ලව් වගේනෙ ඒකි යන දිහත් බලන් ඉන්නේ... රිද්මියා කිව්ව විදිහට මං හිතුවේ ඒකි හෙන අහිංසක ඇති කියලා... අහිංසකකම කනේ තමා.. "


" සමහරුන්ගේ අහිංසකකම මැකිලා යන්නත් හේතු තියනවා බන්..." ආයුශ් සාක්ෂි පේන්නේ නැති තරන් දුර ගිහින්  වුනත් ඒ පැත්ත බලාගෙනම කිව්වා.




මේ අතරේ සාක්ෂි හිතෙන් ආයුශ්ට බනින ගමන් තමා ගියේ.


" ඇයි යකෝ ඌ හිතන් ඉන්නේ මහ රජ්ජුරුවෝ කියලා දන්නෑ මාව මතකද කියලා අහන්නේ..  ඌව මතක තියන් ඉන්න මට කසනවා ඇයි... නෑදෑයෝ ඒකත් නුවර නෑදෑයෝ... මහලොකු නෑදෑයෝ... "


සාක්ෂි එහෙමත් නැත්තන් ආරු මෙහෙම බනින ගමන්ම ඔඅයින්ම ගියේ බෝඩිමට. වෙනදට කැම්පස් එන්නේ බයික් එකෙ වුනත් ඊයේ බයික් එක කැඩිච්ච හින්දා ආරු අද පයින් තමා ආවේ.


ආරු ගැන කිව්වොත් ඇත්තටම ආරු කියන්නේ ලස්සන කෙනෙක් නෙවෙයි. මේ වෙනකන් ආරුගෙන් කිසිම කෙනෙක් යාලු වෙන්න අහලාවත් නෑ. ආරුටත් යාලු වෙන්න උවමනාවක් තිබ්බෙත් නෑ. මොකද ආරු පිරිමින්ට වෛර කරනවා ඒ තරමට...


ආරු එයාගේ බෝඩිමට යන අතුරු පාරට හැරිලා ටික දුරක් යද්දි ඇහුනේ කවුරුහරි හයියෙන් කෑගහන සද්දයක්.


ඒත් එක්කම කන ළඟින්ම වගේ වෙඩි සද්දයක්..


ආරු එකපාරටම බය වුනේ පපුවත් හයියෙන් ගැහෙන්න ගනිද්දි.


ඒත් එක්කම ඒ සද්දෙ ආපු පැත්ත හැරිලා බැලුව ආරු දැක්කෙ ගන් එකක් අතේ තියන් ඉන්න කෙනෙක්ව.


ඒ වගේම ඒ කෙනා ගැව මනුස්සයෙක් වැටිලා හිටියා.


එකපාරටම ආරුව ශොක් වුනේ කකුල් දෙකේ ඉඳන් ගැහෙන්න ගනිද්දි. ඒත් එක්කම ආරු තවත් ශොක් වුනේ ඒ වෙඩි තියපු කෙනාව අඳුරගත්ත හින්දා.


මූණට වැටිලා හිටිය මනුස්සයාගේ ලේ විසි වෙලා තිබ්බත් ආරුට දැන් ටිකකට කලින් වලියක් දාගත්ත මනුස්සයව අඳුනගන්න බැරිකමක් තිබ්බෙ නෑ..


ඔව් එතන හිටියේ ආයුශ්...


ආරු ඇස් පුදුමෙටම ලොකු වුනා... ඒත් එක්කම ආයුශ් හැරිලා බැලුවේ ආරු දිහා...


" අල්ලගනින් අරකිව ඒකි දැක්කා..." ආයුශ් කෑගහද්දි තමා ආරු දැක්කේ එතන හිටිය තවත් දෙන්නෙක්.


ඒ දෙන්නා ආරුගේ පැත්තට දුවගෙන එද්දි ආරුට දුවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ...


එකපාර ඇඟට අලුත් පණක් ආවා වගේ ආරු දුවන්න ගත්තේ වෙන කවදාවත් දුවලා නැති වේගෙකින්. ආරුට කොහාටද දුවන්නද කියලා හිතාගන්න බැරි වුනත් මේ වෙලාවේ හැංගෙන්න කියලා තැනක්වත් නැති හින්දා ආරු බෝඩිමටම දිව්වා.




බෝඩිමට ඇවිල්ලා ඉක්මනට දොර වගහත්ත ආරු ජනේල් රෙද්දක් ශේප් එකේ අයින් කරලා බැලුවේ තවත් අර දෙන්නා පස්සෙන් පන්නනවද කියලා.


එක්කෙනෙක් ඇවිල්ලා බෝඩිම ඉස්සරහා පාරේ හොයලා හොයාලා හොයාගන්න බැරි වුන හින්දා ආපහු ගියා.


ඒ කෙනා ගියා කියලා දැක්කම තමා ආරුගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.


ඒත් එක්කම ආරුගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.


" හෙලෝ... අම්මේ..."


" ආරු... බෝඩිමට ආවද..."


ආරුගේ බය ටික ටික අඩුවුනේ අම්මගේ කටහඬ ඇහෙද්දි. ඇත්තටම කිව්වොත් අම්මගේ කටහඬ ඇහෙද්දි මොන ප්‍රශ්න තිබ්බත් හිත සන්සුන් වෙනවා..


" ඔව් අම්මේ දැන් තමා ආවේ..."


" මොකද හති දාන්නේ දුවගෙනද අවේ..."


" ආ... මේ... නෑ නෑ අම්මේ... අර පඩිපෙළ නැගලා හති..." ආරුට ඕන වුනේ නෑ දැන් වෙච්ච සිද්ධිය කියලා අම්මගේ හිත කලබල කරන්න.


" ඒකනේ මම කට කැඩෙනකන් කියන්නේ පොඩ්ඩක් ජිම් එක පැත්තෙ ගියා එක්සයිස් කරලාවත් පුරුදු වෙන්න කියලා.. ඔයා ඇඟ හොල්ලලා වැඩක් කරන්නෙම නෑනේ... ගෙදර ඉන්නකොට ගෙදර වැඩ හරි කරනවනේ..."


" හ්ම්ම්... මම මේ සතියේ ගෙදර ඇවිල්ලා ගෙදර වැඩ කරන්නම්කෝ.. එතකොට හරිනේ.."


" මේ සතියේ... වැඩ නැද්ද එතකොට..."


" තියනවා... ඉස්සරහ වගේ ගොඩක් නෑ.. කම්පැනි එකේ වැඩ වගේකට පොලිසියට යන්නත් ඕනේ... අනික මේ පාර ලෝන්ග් වීකෙන්ඩ් එකකුත් එනවනේ.. අපි කොහෙහරි යන් ඇවිදින්න..."


" ඇවිදින්න යන්නද... කඩේ වහන්නත් වෙනවානේ එතකොට..."


" අනේ අම්මේ.. මං ඔයාට කඩේ වහලා දාලා ගෙදරට වෙලා ඉන්න කියලා දැන් කොච්චර කල්ද.. ඔයානේ අහන්නේ නැත්තේ..."


" මට රුපියල් පන්දාහක් ඕනේ..." ආරුට කෝල් එකේ එහාපැත්තෙන් ඇහුනේ එයාගේ ලොකු නංගි නිශූගේ කටහඬ. රුක්ෂි නිශුල්‍යා. අවුරුදු 18යි. ආර්ට්වලින් ඒ ලෙවල් කරනවා.


" මං සල්ලි ගස්වලින් කඩනවා කියලා හිතුවද නිශූ... මොකටද දැන් ඔච්චර සල්ලි..."


" ඇඳුමක් ගන්න..."


" අම්මේ අම්මේ..." ආරු අම්මට කතා කරා.


" මොකක්ද ප්‍රශ්නේ..." ආරු.


" නෑ මොකක්වත් නෑ ආරු.. ඔයා එහෙනම් නාලා කාලා ටිකක් නිදාගන්න ඊයේ නිදියෑවෙත් නෑනේ... මං තියන්නම්.. බුදු සරණයි...."


ආරුට කිසිම දෙයක් කියන්න ඉඩ නොතියම දිව්‍යා කෝල් එක කට් කරා.


ආරුගේ පවුල කියන්නේ ප්‍රශ්න ගොඩක ඉන්න පවුලක්.


ආරුගේ පවුලේ ආරුයි අම්මයි නංගිලා දෙන්නයි ඉන්නේ. ආරුගේ තාත්තා ආරු ඕ ලෙවල් කරන කාලේ එයාලව දාලා ගියා. එදා ඉඳන් ආරුගේ අම්මා තමා පාරේ බත් පැකට් විකුණ විකුණ ආරුලාව බලාගත්තේ.


ආරුගේ චූටි නංගි දික්ෂි සෙතුල්‍යා... එයත් ආයුශ්ගේ නංගිගේ වයසේමයි..


ආරුට බඩගින්නක් තිබ්බෙ නැති හින්දා නාලා නිදාගත්තා. නැගිටිද්දි හොඳටම හවස් වෙලා වගේම යකෙක් කන්න බඩගින්න. හාල් ටිකකුත් ලිපේ තියලා ආරු මූණ හෝදගත්තා. ආරුගේ බෝඩිම පොඩි ඇනෙක්ස් එකක්. ඒකේ කාමරයක් සාලයක් බාතෲම් එකක් වගේම පොඩි කිචන් එකකුත් තිබ්බා.


ආරු උයලා කරලා එහෙම කන්න ලෑස්ති වෙද්දි කවුරුහරි දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.


දවල් වුන සිද්ධියත් එක්ක ආරු දොර අරින්න බයෙන් හිටියේ.
ඒත් එක්කම ඇහුනේ බෝඩිමේ නැන්දාගේ කටහඬ ඒ හින්දා ආරු ගිහින් දොර ඇරියා.


ඒත් දොර ළඟ හිටියේ බෝඩිමේ නැන්දා නම් නෙවෙයි ආයුශ්....


ආරු බයටම පිටිපස්සෙන් පිටිපස්සට ගියේ ආයුශ් ගේ ඇතුළට එද්දි.
ගේ ඇතුළට ඇවිල්ලා දොර වැහුවා.


ආරුට කෑගහන්න ඕන වුනත් වචන පිට වුනේ නෑ.


" හායි බේබි.... ඉතින් කොහොමද දවල් පැනලා දිව්වට බේරෙන්න පුලුවන් කියලා හිතුවද..."




________________________________