Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Jan 12 2025 @ 19:55

නුඹ හා හමු වී...❤️ (නුඹ දැක මා season 02) - 19



දහනවවැනි දිගහැරුම...❤️


" ආව් යකෝ මගේ කොන්ද ලෙෆ්ට් වුනාද මන්දා.... " කවී කෑගැහුවා. හැමෝම හිටපු තැනින් නැගිටලා එතනට ගියත් නවී නම් ගියේ නෑ.. එයා නිශූ අතේ හිටිය චූටි දූව අරගෙන කාමරේට ගියා. 


ඒක එවෙලේ බිම ඉඳලා නැඟිට්ට කවී දැක්කා. කවීට එවෙලේ නම් ලොකු දුකක් දැනුනේ නවී තමන්ව මඟ අරිනවා කියලා තේරිච්ච හින්දා.


"කවී ඇයි ඔයා ආයේ ආවේ...." නුහී ඇහුවේ ආයේ එන්නෑ කියලා ගියපු කෙනා ආපු හින්දා.
" මේක මගේ රටනේ බන් මට එන්න බෑද...." කවී බොරු හිනාවක් මවාගෙන විහිලුවෙන් කිව්වත් හැමෝටම තේරුනා ඒ බොරු කියලා.
" අනේ මේ උබට මාව තම්බන්න බෑ... කියපන් ඇයි ආවේ...." නුහී කවීගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඇහුවා.
" නිකන් බන් මට එන්න හිතුනා ආවා...." ඒත් එක්කම ඇහුනේ චූටි දෝණි අඬන සද්දේ. ඒ සද්දෙට කවීගේ ඇස් උඩට යොමු වුනේ අනිත් අයට කවී ආපු හේතුව තේරෙද්දී. ඒත් එක්කම නුහීගේ අත්වලින් තමන්ගේ අත් දෙක මුදවගත්ත කවී උඩට ගියා. කට්ටියම මූණට මූණ බලාගත්තේ මොනා කරන්නද කියලා හිතාගන්න බැරිව.


" අම්මී... මොකක්ද මේ වෙන්නේ... කවීගේ ඇවිත් ඉන්නේ...." නුහී.
" ඔව් දෝණි මටත් තේරෙනවා... ඒක කවීගේ තීරණයක් අපිට එයාට මුකුත් කියන්න බෑ... එයාගේ අනාගතේ එයාට භාරයි.... හරි දැන් අපේ ප්‍රශ්නේ ඉතුරු ටික විසඳන්නකෝ...." 


කට්ටියම ආපහු එයාලාගේ කලින් මාතෘකාවටම බැස්සා. ආදි නුහී නේශ් තුන්දෙනා මාරුවෙන් මාරුවට වෙච්ච දේවල් පැහැදිලි කළා. හැබැයි සමහර තැන් නම් අඩුයි.


මේ අතරේ නවීගේ කාමරේට ගියපු කවී දැක්කේ චූටි දෝණි අඬන එක නවත්තන්න එක එක විකාර කරන නවීව. ඒ විකාර දැක්කම කවීට හිනා. කවීගේ හිනාව ඇහිච්ච නවී ඔලුව උස්සලා බලද්දී තමා දැක්කේ කවී දොර ළඟ ඉන්නවා.
" ඔයා මොකද මෙතන..." 
"ම්ම්ම්... මම ආවේ චූටි දෝණිව බලන්න..." කියමින් කවී දෝණි ළඟට ආවා. 
" මොකෝ චූටි මැණික අඬන්නේ... අනේ ඔයා තෙත් කරගෙනනේ... ඔයාගේ මේ මෝඩ තාත්තිට ඒක තේරිලා නෑනේ චූටි මැණික... ඉන්නකෝ...." කියපු කවී හිමින් සීරුවේ දෝණිගේ ඇඳුම් මාරු කළා.
ඊට පස්සේ දෝණිව අතට අරන් නළවද්දී ඉබේටම ඇඬීම නතර වුනා. මේ දිහා නවී බලන් හිටියේ හරිම ආදරණීය විදිහට. මොකද නවී හැමදාම හීන මැව්වේ කවී එක්ක මේ වගේ ඉන්න. නවීට කවී ආදරේ කළා වගේම තමා නවී කවීට ආදරේ කළේ. ඒත් අවසනාවට ඒ දෙන්නට එකතු වෙන්න බැරි වුනා. පහුගිය මාස ගාණම නවී පසු තැවුනේ තමන්ගේ ආදරේ හිතේ හංඟන් හිටිය එකට. 
" අයියේ චූටි දූට බඩගිනි වෙලා වගේ...." නවී පියවි සිහියට ආවේ කවීගේ කටහඬින්. 
" අහ්... මේ පහළට යන්න වෙනවා... අම්මි තමා දන්නේ...." 
" ඕකේ... මං එහෙනම් මගේ චූටි මැණිකව එක්ක යනවා..."




මේ අතරේ පහළ
" එතකොට ඔයාලා කලින් ඉඳන් දැනන් හිටියා විෂාන් කියන්නේ කවුද කියලා... " යුහී.


" ඔව්... විෂාන් ලංකාවට එන්න කලින් ඉඳන්ම රට ඉඳල මෙහේ අන්ඩර්වල්ඩ් එකේ වැඩ කරලා තිබ්බා... ඒ ගැන හොයන් යද්දි තම අපිට හම්බුනේ... අපි එයාපෝට් එකේදිම ඇරෙස්ට් කරන්න හිටියත් අපිට සාක්ෂි මදි වුනා... ඉතින් අපි හරිම වෙලාව එනකන් බලන් හිටියා..." ආදි.


" ඒත් තාත්තේ නංගි ඇයි ඌ එක්ක යාලු වුනේ... ඌ මොනාහරි කරා නම් එහෙම..." අවී.


" ඒක අපේ ප්ලෑන් එකේ කොටසක් අයියේ... ඌට ඕන වුනේ අපේ දේපල ගන්නයි... අපෙන් පළි ගන්නයි.." නුහී.


" ඒත් තමුසෙට කරදරයක් එහෙම වුනා නම් චූටි..." අවී.


" නුහී එක්ක හැප්පෙන එක ලේසි නෑ අවීෂ්... නිකමට ඔයා නුහී එක්ක ෆයිට් කරන් බලන්නකෝ... අනික මම නුහීට මුකුත් වෙන්න කවදාවත් ඉඩ තියන්නෙ නෑ...." නේශ්.


නේශ්ගේ ඒ කතාව ඇහුන නුහී කල්පනාවට වැටුනා. එයාට මතක් වුනේ එදා එයා සැඟවුන අමුත්තගෙන් බේරෙන්න ෆයිට් කරපු විදිහ. එයා නුහීගේ ෆයිටින් ස්ටයිල් එක හොඳට දැනගෙන හිටියා. නුහී ගැන හොඳටම දන්න කෙනෙක් තමා ඒ කියලා නුහීට තේරුනත් ඒ කවුද කියලා නුහීට හිතාගන්න බැරි වුනා. නුහීගේ CID සයිඩ් එක දැනන් හිටියේ ඉතාම සුලු පිරිසක් විතරයි. නුහීට ඉබේටම සැකයක් ආවේ නේශ් ගැන. මොකද අනික් හැමෝටම වඩා නුහී ගැන දැනන් හිටියේ නේශ්. නේහ්ස් තමා නුහීට ෆයිට් කරන්නත් පුරුදු කරේ.


නුහී ඔය ගැන හිත හිත ඉන්නකොට කවී පහළට ආවා. ඒ පිටිපස්සෙන් නවීත් ආවා.
කට්ටියම ඒ දෙන්නා දිහා පුදුම්‍රන් බලන් හිටියේ දැන් ටිකකට කලින් හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි දැකලා.


" නැන්දී... චූටි මැණිකට බඩගිනි වෙලානේ..." 
" අහ්.. ඉන්න දෝණි... එයාට ඉක්මනටම කිරි එකක් හදලා දෙන්නම්..." කියපු නුහී කිචන් එකට යද්දී ඒ පස්සෙන්ම කවීත් ගියා. 


එයාලා ගියාට පස්සේ කට්ටියගෙම අවදානේ යොමු වුනේ නවීට.


" ලොකූ දැන් මොකද කරන්න හිතන් ඉන්නේ..." ආදි.


" තාත්තී..." නවී.


" කොල්ලො කවී දුව ඇවිත් ඉන්නේ මොකටද කියලා දන්නවනේ..." තේශ්.


" ඒත් මාමේ මට කවීව අමාරුවේ දන්න බෑ... මම බැදපු කෙනෙක්.. අනික ළමයෙකුත් ඉන්නවා.. කවීට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි..." නවී.


" ඔව් එයාට හොඳ කෙනෙක් ලැබෙයි. ඒත් කවී ආදරේ කරන්නේ උබට විතර නම් ඒකෙන් වැඩන් තියෙයිද බන්..." දොර පැත්තෙන් ඇහුන ඒ කටහඬට හැමෝගෙම අවදානේ යොමු වුනා.


ඒ ඇවිත් හිටියේ ආයු.


" ආයු.... අයියේ...." නුහී.


" නවී තවත් බොරු කරන්න එපා බන්. උබ කවීට ආදරෙයි කියලා අපි හැමෝම දන්නවා.. උබ ශාක්‍යාව බැන්ඳේ වෙන කරන්න දෙයක් නැතිකමටනේ... දැන් උබට චාන්ස් එකක් හම්බෙලා තියෙද්දි මඟ අරින්න එපා බන්.. මොකද හැමෝටම තමන් ආදරේ කරන කෙනාවම හම්බෙන්නේ නෑ.. " අන්තිම ටික කියද්දි නම් ආයුගේ ඇස්වලට කදුලු පිරිලා.


" ඒත් බන් මට කවීගේ ජීවිතේ විනාශ කරන්න බෑ.. මං වගේ කාලකාලකණ්ණියෙක් එක්ක කවීට ජීවත් වෙන්න බෑ බන්.. බලහන් මං හින්දා පහුගිය මාස ගානේ මේ ගෙදර සොහොන් පිටියක් වෙලා තිබ්බේ... මට බෑ බන්.. මං කවීට ආදරෙයි තමා ඒත් මට බෑ එයාගේ ජීවිතේ විනාශ කරන්න.. එයාට ඊට වඩා හොඳ අනාගතයක් තියනවා... මට මගේ දරුවා බලාගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න පුලුවන්..." නවී.


" ඔයාට වයිෆ් කෙනෙක් ඕනේ නැති වෙන්න පුලුවන් ඒත් මේ අසරනීට අම්මෙක් ඕනේ නවී...." කවී ආපහු ඇවිත් හිටියා.


" ඔයා මට ආදරෙයි නම් ඇයි මාව මඟ අරින්නේ අයියේ... මට ඔයා නැතුව ඉන්න බෑ... ප්ලීස් මට මේ චූටි මැණිකගේ අම්මා වෙන්න ඕනේ... ප්ලීස් අයියේ දෝණිව අතට ගත්තම දැනුනේ මම අම්මා කෙනෙක් වුනා වගේ හැඟීමක්... ප්ලීස් අයියේ මට මෙයාගේ අම්මා වෙන්න ඕනේ... ඔයා මාව වයිෆ් විදිහට පිළි නොගත්තත් කමක් නෑ... ඔයා මට ආදරෙයි කියලා කිව්වනේ මට මෙයාගේ අම්ම වෙන්න ඉඩ දෙන්න ප්ලීස්..." කවී අඬමින් නවී ළඟ වැටිලා කිව්වෙ අනිත් අයගේ හිතුත් උණු වෙද්දී.
කවී අඬන එක තවත් බලන් ඉන්න බැරි වුන නවී කවීව තුරුල් කරගෙන,
" ඒත් මට ඔයාගේ ජීවිතේ විනාශ කරන්න බෑ මැණික..." 


ඉක්මනට නවීගෙන් ඈත් වුන කවී
" මගේ ජීවිතේ විනාශ වෙන්නේ කොහෙද අයියේ මං ඉන්නේ මම කැමති කෙනා එක්කනම් මං ආදරේ කරන කෙනා එක්ක නම්...."
" ඒත් ඔයාගේ අම්මා තාත්තා කවදාවත් මේ දේට කැමති වෙන්නෙ නැති වෙයි මැණික..."


" නෑ අයියේ අද මම මෙතන ඉන්න හේතුවත් ඒ දෙන්නා.. ඒ දෙන්නා තමා මට ලංකාවට යන්න කිව්වේ.. ඒ දෙන්නා කැමති මම ඔයාව මැරි කරනවට..."


" හරි එහෙනම් කිසිම ප්‍රශ්නයක් නෑනේ... ඕල් සෙට්... කවී තමා මගේ නෑනා.. ලොකූ අයේ මුකුත් කියන්නෙපා... එහෙනම් මේ ප්‍රශ්නේ ඉවරයි... තාත්තී ඉක්මනට වෙඩින් එකත් ගමු... මම යනවා කතාව ලෑස්ති කරන්න.." කට්ටියම හෙනම සීරියස් මූඩ් එකේ ඉන්නකොට නුහී එහෙම කියලා නැගිට්ටා.


" ඔහොම හිටාන්... මටත් කතාවක් කරන්න තියනවා.. මේ කවී උබේ යාලුවෝ එහෙම නැද්ද බන් UKවල. මට කෑල්ලක්වත් සෙට් කරගන්න..." නුහී කට්ටියගේ මූඩ් ෆික්ස් කරන්න යන්නේ කියලා තේරිච්ච ආයුත් ඒකම කන්ටිනිවු කරා.


" ඉන්නවා ඉන්නවා බන්.. හිටපන් මං හොඳ එකක් සෙට් කරන්නම්..."


" හරි එහෙනා ප්‍රශ්න සේරම ඉවරනේ.. හම්මෝ දැන් තමා මට හොද හුස්මක් ගන්න පුලුවන්... විනුලිගේ එකත් ඉවරයි.. නෝ මෝර් එනිතින් දැන් ඉතින් මුන් දෙන්නාගේ වෙඩින් එක අරන් හොඳ ට්‍රිප් එකක් ගිහින් එමු බන්.. " තේශ් ආදිගේ පිටට එකක් ගහමින් කිව්වා.
ඒත් නේශ් නුහී දෙන්නා මූණට මූණ බලාගත්තේ මේ ප්‍රශ්න ඉවර නෑ කියලා එයාලා හොඳටම දන්න නිසා. මොකද දැන් තමා ඇත්තටම ප්‍රශ්න පටන් ගන්න යන්නේ... දෙන්නගේ මුණු වෙනස් වෙනවා දැක්ක ආදිට තේරුනා මොකක්හරි ප්‍රශ්නයක් තියනවා කියලා...


" නේශ් නුහී දෙන්නම එන්න මගේ ඔෆිස් එකට.. මට දෙන්නා එක්ක විසඳගන්න දෙයක් තියනවා..." ආදි.


" හෑ... වැඩේ මාට්ටුද..." නේශ් ඔලුවේ අතගහගෙන නුහීට කිව්වා.


" වෙන්න බෑ අයියේ.. අපි දෙන්නා වැඩේ ගාණට දුන්නනේ..." නුහී.


" ඇයි උබලා දෙන්න මොකද කරේ... ආ..." ආයු නුහීගේ කරට අතක් දාගනිමින් කිව්වා.


" නෑ මේ චූටි දෙයයි කරේ පස් දෙනෙක් මැරුවා තාත්තිට හොරෙන්...හැබැයි ඒක මාට්ටු වගේ..." ආයු ඉක්මනට නුහීගෙන් ඈත් වුනේ.


" අම්මෝ උබ මාර භයානක චරිතයක්නේ බන්.. ඇත්තටමද කිව්වෙ..."


" ආයෙත් අහලා නුහී පහක් නෙවෙයි හයක්... ඇයි නවීත් ඌව අමතක උනාද...." නේශ්.


" අම්මටසිරි ඔව්නේ..." අනිත් අය කට ඇරන් බලන් හිටියේ මේ දෙන්නගේ කතාබහ දිහා. 


" දෙන්නා තවත් මොනාද කරන්නේ ආ.. එනවලා ඉක්මනට..." ආදි කෑගහනවා ඇහිලා දෙන්නා විදුලි වේගෙන් දිව්වේ ආදිගෙ ඔෆිස් රූම් එකට.


" හරි දැන් දෙන්නා දන්නවනේ මං මොකදට කතා කරේ කියලා නේ... දෙන්නාගේ මේ වැඩ හින්දා රෙඩ් ෆයිල් එක පිරෙන එක වෙන්නේ..."


" ආයේ අපි එහෙම කරන්නෑ තාත්තී..." නුහී අහිංසක මූණක් මවාගෙන කිව්වා.


" ඔව් අංකල් අපි ආයේ අද හෙට ඒ වගේ වැඩක් කරන්නෑ..." නේශ් ඇඟට පතට නොදැනී කිව්වා.
නුහී ඔලුවේ අත ගහගත්තේ අද නම් කන්න වෙයි වගේ කියලා හිතිලා. නෙශ් නුහීට ඇහැක් ගැහුවේ නුහී නෙශ්ව අලු වෙලා යන්න රවද්දි.


" හා දැන් ඇති ඔය රැව්වා ගෙරෙව්වා... ඔයාලාට බෑ එහෙම නීතියට පිටින් වැඩ කරන්න තේරුනාද නුහිනි..." ආදි නුහීලාගේ චීෆ් මෝඩ් එක ඇක්ටිවේට් කරගනිද්දී නුහීගේ කොන්ද ඉබේටම කෙලින් වුනේ ගරුත්වෙට.


" ඔව් සර්... ඒත් මට පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්..." නුහී බිම බලාගෙනම කිව්වා.


" ඔව් සර්... අපි මරපු එකෙක්වත් හොඳ උන් නෙවෙයි උන් ජීවත් වෙලා ඉන්න ඉන්න වෙන්නේ අහිංසක ජීවිත නැති වෙන එක...." නේශ් නුහීගේ උදව්වට කිව්වා.


" සර්... නවීත් කියන්නේ බැටලු හම පොරෝගත්තු කොටියෙක්... ඌ මගේ ඔෆිස් එකේම කෙල්ලෝ තුන්දෙනෙක්ට කරදර කරලා තිබ්බා... මම ස්ටඩීස්වලට ෆෝකස් කරන් හිටිය හින්දා වැඩිය ඔෆිස් එක පැත්ත බලන්න බැරිවුනා. එදා අර මගේ ඩිසයින්ස්වලට වෙච්ච දේන් තමා ඒ ඔක්කොම එළියට ආවේ.. ඒ ටික විනාශ කරලා තියෙන්නේ නවීත්... ඌට ඕඩර් එක දීලා තිබ්බේ ශාක්‍යා.. නවීත් කියන්නේ මහ තිරිසනෙක් සර්.. ඌ හොඳට සල්ලි තියන කෙල්ලක්ව මැරි කරලා මැරි කරපු දා ඉඳන් ඒ කෙල්ලට දස වද දීලා.. කොටින්ම කිව්වොත් ඌ වද දුන්නු හින්දා කෙල්ලට තුන්පාරක් හම්බෙන්න හිටිය ළමයි නැති වෙලා.. ඌ මැරෙන කොටත් ඒ කෙල්ලට තව ළමයෙක් හම්බෙන්න ඉදලා තියෙන්නේ ඌ මැරුන හින්දා කෙල්ල දැන් සතුටින් ඒ ළමයා එක්ක ඉන්නවා.. එතකොට ඌට හොරගෑනුත් බර ගාණක් ඉඳලා... ලස්සන කෙල්ලෙක් උගේ ඇහැ ගැටුනොත් ඉවරයි ඉතින්... " නුහී හුස්මක් කටක් ගන්නැතුවම එක දිගට කියාගෙන ගියා.


" ඊට පස්සේ සර් මේ ළඟදී අර මරපු පස් දෙනා උන් නවීත්ටත් හපන්... උන් සෙට් එක මඩම් පුෂ්පෙගේ ගෝලයෝ සෙට් එකක්... උන් ටික අවුරුදු එකළොහේ දොළහේ පොඩි ගෑනු ළමයිව උස්සලා හෝමෝන දීලා ඒ අයව වයසට වඩා පෙනුම වැඩි කරනවා ඊටපස්සේ මඩමට දාලා විකුණනාවා එකඑකාට.. සර් දන්නවද අපි ගියපාර ඒ මඩමක් වටලපු වෙලේ ඒ වගේ චූටි චූටි ළමයි දහතුන් දෙනෙක් හිටියා. ඒ ළමයි කියද්දී තමා දැනගත්තේ ඒ ළමයි එක්කම ගෙනාපු සමහර ළමයි මැරිලා දුන්නු හොර්මෝන මාත්‍රාව වැඩි වෙලා සමහරුන් වදේ ඉවසගන්න බැරුව සූසයිට් කරගෙන... සර්ම කියන්න සර් ඒ වගේ උන් ජීවත් වෙන්න ඕනද... උන් විතරක් නෙවෙයි තව උන් ඉන්නවා... උන්ගේ බොඩීස් හම්බුනාට මේවා තරන් ප්‍රචාරය වුනේ නෑ..." නේශ් කිව්වා.


මේ හැමදේම අහන් හිටපු ආදිටත් හොඳටම තරහ ගිහින් හිටියේ පරණ දේවලුත් මතක් වෙලා.


" එතකොට මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ විෂාන් ද..." ආදි.


" එහෙම තමා අපිත් අද උදේ වෙනකන් හිතන් හිටියේ සර්... අපි හිතුවේ විෂාන්ව ඇරස්ට් කළාම මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා... ඒත්..." නේශ්.


" ඒත්..." ආදි පුදුමෙන් ඇහුවේ ප්‍රශ්න ඉවරයි කියලා හිතලා සැනසීමෙන් ඉන්න නේද බැලුවේ කියලා හිතලා.


" ඒත් තාත්තී විෂාන්ටත් උඩින් කෙනෙක් ඉන්නවා..." නුහී.


" කවුද අර රාගව් ද... ඌවත් ඉක්මනටම ඇරස්ට් කරන්න ඕනා... ඌට විරුද්ධවත් සාක්ෂි තියනවානේ..." ආදි.


" රාගව්වත් ගැරස්ට් කරන්න ඕනේ තාත්තේ ඒත් විෂාන් උඩින් ඉන්න කෙනා රාගව් නෙවෙයි..."


" එහෙනම්...."


" කැලේ රජ්ජුරුවෝ සිංහයා වුනාට... මුලු ලෝකෙම පාලනය කරන වෙන කෙනෙක් ඉන්නත් පුලුවන්... නිදන් ඉන්න මකරු නැගිට්ටවලා අළු වෙලා යන්න එපා.... ඕක තමයි අංකල් අපිට විෂාන් කිව්වේ.. ඒ කිව්වේ කා ගැනද කියලා තාම හිතාගන්න බැරි. ඕකේ සිංහයා කිව්වේ විෂාන්.. ඒත් මකරා කවුද කියලා තාම හිතාගන්න බැරි..." නේශ්..


" ෂිට්.. මේක තිබ්බටත් වැඩියේ සංකීර්ණ වෙලානේ ඒ කියන්නේ.. ඒ කියන්නේ තිබ්බටත් වඩා කරදරයක් අත ළඟ.. කොහොමත් ඔය මකරා ඉක්මනටම එළියට එයි.. අපි රාගව්වත් කොටු කරගත්තොත් බොහෝ දුරට ඒක ඉක්මන්වෙයි... තව දෙයක් ඔය දෙන්නට හොඳටම පරිස්සම් වෙන්න වෙනවා මොකද ඔය දෙන්නා කවුද කියලා හැමෝම දන්නවා දැන්... " ආදි


" ඔව් තාත්ති...මේ..." නුහීට කියන්න ගියපු දේ කියලා ඉවර කරන්න හම්බුනේ නැත්තේ කවුරුහරි ඔෆිස් රූම් එකේ දොරට තට්ටු කරපු හින්දා.


" යස්..." 


" තාත්තී චූටිට පාර්සලයක් ඇවිත් තියනවා.. චූටි ගාඩ්ලට කිව්වලු කාටහරි පොඩි හරි දෙයක් ආවොත් චෙක් කරන්න කියලා ගාඩ්ලා හැබැයි පර්සල් එක චෙක් කරලා නෑ ගෙනැත් තියනවා චූටිට ආපු හින්දා පොඩ්ඩක් එනවද... " නිෂූ.


" ආ හරි දෝණි අපි එන්නම්...." ආදි.


තුන්දෙනාම ආපහු සාලෙට ගියේ මොකක්ද ඒ පාර්සලේ කියලා බලන්න. ආදිගෙයි නේශ්ගෙයි පිටිපස්සෙන් ගියපු නුහී පාර්සලෙ එක්කම තිබ්බ මල් බොකේ එක දැකලා තිව්වේ හත් අවුරුද්දකින් කාලා නැති එකෙක් වගේ.


" අනේ... අයි මිස්ඩ් යූ සෝ මච්..." කියලා මල් එක බදා ගත්ත නුහී දිහා අනිත් අය බලන් හිටියේ මොන විකාරයක්ද මේ කියලා. 


" මේ බොකේ එක එක්කමද පාර්සල් එකත් ආවේ..." නුහී ගාඩ්ලගෙන් ඇහුවා.


" ඔව් චූටි මැඩම්..."


" අහ්.. එහෙනම් චෙක් කරන්න ඕන්නෑ..." කියපු නුහී පාර්සලෙත් බදාගෙන කාමරේට දුවන්න යද්දි නවී කෙල්ලගේ ටී එකෙන් ඇද්දා. තව පොඩ්ඩෙන් කෙල්ල බිම.
" මොනාද ලොකු අයියේ කරන්නේ තව පොඩ්ඩෙන් මම බිම..."


" කොහෙද බන් දුන්නේ... දැන් කාගෙන්ද ඔය පාර්සල් එක... මල් බොකේ එක දැක්ක ගමන් අඳුරගන්න තරන් ඕක එව්වෙ කවුද...."


" දන්නෑ..."නුහී.


" වට්..." අවී.


" දන්නෑ..." ආයෙමත් නුහී.


" ඕක එව්වේ මොකාද කියලා දන්නැත්තන් මොකටද බදාගෙන දිව්වේ... ඒ මදිවට මල් බොකේ එක කිස් කරත් එක්ක... බෑක්කා...." කවී ඔක්කර කරමින් කිව්වා.


" අනේ පලයන්... මේක එව්වේ මං දන්න කෙනෙක්..." නුහී.


" එහෙනම් දන්නෑ කිව්වේ..." ආයු.


" ඔව් මං එයාව දන්නෑ...." නුහී.


" මොන විකාරයක්ද බන් මේකි මේ කියවන්නේ... දන්නවාලු දන්නැලු..." අවී.


" හරි හරි දැන් චූටි දන්නවා හරි දන්නෑ හරි ඒක එයාට ආපු එකක්නේ ලොකූ ඔය කෙල්ලව අතහරින්න..." ආදි කිව්වම නවී නුහීව අතහැරියා. කෙල්ල ඒ සැනින් දිව්වෙ කෙල්ලගේ කාමරේට.


" අඩෙහ් මොකක්ද බන් ඒ වුනේ... මට පේන්නේ චූටිත් හරි වගේ..." අවී කිවේ තාමත් නුහී ගිය පාර දිහා බලමින්.


" වෙන්න පුලුවන්..." ආයු.




කාමරේට ආපු නුහී මල් බොකේ එකයි පාර්සල් එකයි ඇඳ උඩින් තිබ්බා. කෙල්ල මල් බොකේ එක දැක්ක ගමන් අඳුර ගත්තේ ඒ මල් බොකේ එක ගොඩාක් විශේෂ හින්දා. මේක නුහීගේ සැඟවුනු අමුත්තා එවපු එකක්.. හැමදම එකම මල්වර්ග ඒත් වෙනස් වෙනස් ඩිසයින්වලට නුහීට හම්බෙනවා. ඒත් දැන් දවස් තුනකින් විතර මල් බොකේ එකක් ආවෙ නැති වෙද්දි නුහි හිතුවේ එයාට නුහීව අමතක වෙලාවත්ද කියලා.


ඊට පස්සේ කෙල්ල හිමින් සීරුවේ පාර්සල් එක ලෙහුවා. ඒක ටික ලොලු පාර්සල් එකක්. ඒ තිබ්බ දේවල් දැකලා කෙල්ලගේ ඇස් ලොකු වුනා.


ලස්සන නිල් පාට ෆ්‍රොක් එකක්.. ඒකත් නුහී ආසම විදිහේ. එතකොට තව හීල්ස් දෙකක්.. නෙක්ලස් එකක්... ඉයරින්ග්ස්... බ්‍රේස්ලට්... ලිප්ස්ටික් එකක්.... ලිප්ස්ටික් එක ඇර අනිත් ඔක්කොම දේවල් නිල් පාටයි... නුහී ආසම දේවල් ආසම විදිහට තියෙද්දි නුහීට පුදුම හිතුනෙ මෙ සැඟවුනු අමුත්තා කවුද කියලා... නුහීව මෙච්චරටම දන්න.. මොකද නුහී ආස දේවල් ඒවා මේවා දන්නේ නුහීගේ සමිපම අය විතරයි...

ඒ අස්සේ පොඩි ලියුමක්... 


මයි ලව්ලි වයිෆි අහී... කෙල්ලට ඒක හිනාවකුත් ගියා.


ඔයා මං කවුද කියලා දැනගන්න ආසාවෙන් ඉන්නේ කියලා මං දන්නවා.. ඉතින් මං හෙට කියන්නම් ඔයාට මං කවුද කියලා.. මං එවපු දේවල්වලි රෙඩි වෙලා හෙට හවස හය වෙද්දී ඔයාගේ ගෙදර අයි මීන් ඔයාගෙම ගෙදර ගේට් එක ළඟ ඉන්න... අයි ලව් යූ...


මගේ ගෙදර... ඒ කියන්නේ... දෙයියනේ එයා ඒකත් දන්නවා... ඒත් ඒ ගෙදර ගැන දන්නේ අපේ පවුලේ අය විතරනේ... නුහී කල්පනා කරන ගමන්ම ගියේ බැල්කනි එකට එතනින් පහළ බලද්දී කෙල්ල දැක්කේ කවී එක්ක කතා කරකර ඉන්න ආයුව.. 


ඒ ආයුවත් ද... කෙල්ලට එහෙමත් හිතුනා.


නෑ ඒක වෙන්න බෑ ඒ මගේ අයියා වගේ... නුහී කල්පනා කරමින්ම ඇඳට වැටුනා.


පහුවදා උදේ නුහී හොස්පිටල් එක පැත්තෙත් කැරකිලා දවල් වෙලා හෙඩ් ඔෆිස් ගියේ තාම විෂාන්ගෙන් ප්‍රශ්න කරලා ඉවර නැති හින්දා. විෂාන්ගෙන් කොච්චර ඇහුවත් කටක් හොල්ලන්නේ නැති තැන නුහී යන්න යද්දී විෂාන් කට ඇරියා.


" නුහී..." යන්න ගියපු නුහී නැවතුන මෙච්චර වෙලා කතා නොකරපු කෙනා දැන් කතා කරනවනේ කියලා පුදුමෙන් හැරිලා බලමින්.


" නුහී මට මේ දේ කියන්න... ඔයා මට කවදාවත්ම අඩුම ගානෙ එක තත්පරයක්වත්ම ආදරේ කළේ නැද්ද..." විෂාන්


කට කොණින් හිනා වුන නුහී,
" මගේ පවුල විනාශ කරන්න එන්නේ කියලා දැන දැන ඔයාට ආදරේ කරන්න මට පිස්සුද විෂාන්..."


" ඒ කියන්නේ ඔයා මට කවදාමත්ම..."


" ඔව්.. මම කවදාවත්ම ඔයාට ආදරේ කළේ නෑ..."


ඒ වචන ටික ඇහුන විෂාන්ට දැනුනේ පිහියකින් පපුවට අනිනවා වගේ හැඟීමක්.. මොනා උනත් විෂාන් නුහීට අන්තිම වෙනකොට ආදරේ කරන්න පටන් අරන් තිබ්බේ. විනුලි කොච්චර කිව්වත් නුහීව මරන්න කියලා විෂාන් නුහීව මරන්නැතුව තිබ්බේ ඒකයි. ඒත් නුහී අද මේ කියපු දේන් විෂාන් හිතේ තිබ්බ ඒ ආදරේ වෛරයක් බවට පත් වුනේ විෂාන්ට තමන්ගේ අරමුණත් ආයේ මතක් කරලා දීලා.


" ඔහ්... එහෙනම් මිස් නුහිනි... මං මෙච්චර කල් හිතන් හිටියේ තමුන් මට චුට්ටක් හරි ආදරේ කරන්න ඇති කියලා. එහෙනම් ලෑස්ති වෙනවා මං තමුන්ව නොමරා මරනවා.. අනික තමුසේ අයිති මට විතරයි.. තමුන් මගෙම විතරයි...." විෂාන් වියරුවෙන් වගේ කියද්දී නුහී හිතත් ගැස්සුනා. ඒත් ඒ බව නොපෙන්වපු නුහී
" විල් සී... " කියලා එළියට ගියා.


එළියට වෙලා මේ වෙන හැම දෙයක් දිහාම නේශ් හොඳ විමසිල්ලෙන් බලන් හිටියා. එළියට ආපු නුහීගේ මූණ දැක්කම න්නේශ්ට තේරුනා මොනා වුනත් නුහී ටිකක් බය වෙලා කියලා.


" ඒයි විස්කි මොකෝ මේ බය වෙලා වගේ..." කෙල්ලව කූල් කරන්නත් එක්ක නේශ් කිව්වා.


" අනේ මේ හස්කි මං මොනාට බය වෙන්නද.. අනික මට විස්කි විස්කි ගන්න එපා හැමතිස්සෙම... ගුටි කන්න තමයි ඉතින්...." නුහී අතකුත් උස්ස්ගෙන කිව්වා.


" ආ විස්කි නංගි... එන්නෑ එන්නෑ කියලා දැන් හැමදාම එනවානේ...." එහෙම කියාගෙන ආවේ සවීන්.


" ආව්... ආව්.... අඩෙහ් අතහැරහන් රිදෙනවෝ...." සවීන් කනත් අල්ලන් කෑගැහුවේ නුහී කන මිරිකපු හින්දා.


"මට විස්කි විස්කි ගාන්න එපා... " නුහී.


" එතකොට මූ කියනකොට හොඳයි අපි කිව්වොත් තමා..." සවීන් නේශ්ව පෙන්වමින් කිව්වා.


" ඒ මමනේ... මෙයාට විස්කි කියන්නේ මම විතරයි... නුහී ඔයාට කලින් යන්න ඕනේ කිව්වනේ..." නේශ්.


" ආ... ඔව් මට කලින් යන්න ඕනේ... මං යනවා බායි ගායිස්..." කියලා නුහී යන්න හැරුනත් ආයේ මතක් වුනේ එයා කොයි වෙලේද කලින් යන්න ඕන කිව්වේ කියලා. ඒත් ආපහු පිටිපස්ස හැරෙද්දී නේශ් හිටියේ නෑ.


" ආ මං ඔය කොයි වෙලේ හරි කියන්නැති..." ඔලුවටත් එකක් ගහගෙන නුහී කිව්වා.


නුහී අද එහෙ මෙහෙ ගියේ එයාගෙම කර් එකේ. ඒත් ඉතින් පස්සෙන් ගාඩ්ලා ආවා. නුහී කෙලින්ම ගියේ එයාගේ ගෙදර ඔව් ඒ එයාගෙම ගෙදර. කෝටි ගාණක් වියදම් කරලා හදපු ඒ ගෙදර අතිසුඛෝපභෝගී නිවසක්. ඒක නුහී එයාගේ සල්ලිවලින්ම හදපු එකක්. බීච් එක ළඟ තනිකර වීදුරුයි ලීයි ප්‍රදාන අමුද්‍රව්‍ය කරන් හදපු ඒ නිවස තමා ඒ පැත්තටම තිබ්බ ලස්සනම නිවස වුනේ. 
( ළමයි මම ඒ වගේ ගෙයක් හොයන්න බැලුවා. හැබැයි හම්බ වුනේ නෑ...😪)
ගෙදර ඇතුළට ගියපු නුහී එයාට සැඟවුනු අමුත්තා එවපු පාර්සල් එකේ තිබ්බ දේවල්වලින් ලෑස්ති වෙලා සිම්පල් මේකප් එකක් කරගත්තා. කොණ්ඩෙටත් සිම්පල් හෙයාර්ස්ටයිල් එකක් දාලා කෙල්ල බල්න් හිටියේ වෙලාව එනකන්. ඒ අතරෙත් කෙල්ල කල්පනා කරේ මේ කෙනා කවුද කියලා. මොකද නුහී ගැන මෙච්චර හොඳෛන් දන්න ටික දෙනයිනේ ඉන්නේ. ඒ අතරින් නුහීගේ වැඩිම සැකේට භාජනය වුනේ ආයු. ඒත් ආයු කවීට ආදරේ කරන නිසා ඒ ආයු කියලා කියන්නත් බෑ. 


හරියටම හය වෙද්දි ගේ ඉස්සරහින් නැවැත්තුවේ කළු පාට කාර් එකක්. ඒත් එක්කම කෙල්ලට අඳුරන්නෙ නැති නම්බර් එකකින් මැසේජ් එකක් ආවේ අහී එන්න කියලා. කෙල්ල ගිහින් ඒ කාර් එකට නැග්ගත් සැඟවුණු අමුත්තා නම් හිටියේ නෑ.


" මිස් සර් ඉන්නවා මිස් එනකන් බලාගෙන තර්ඩ් ෆ්ලෝර් එකේ..." කාර් එකෙන් බහින්න කෙල්ලට දොර අරින ගමන් ඩ්‍රයිවර් කිව්වා.


කෙල්ලව එක්ක ඇවිත් තිබ්බේ හොටෙල් එකකට. ඒ හොටෙල් එකට මීට කලින් කවදාවත්ම නුහී ඇවිත් තිබ්බේ නෑ. කෙල්ල ලිෆ්ට් එකෙන් ත්‍රඩ් ෆ්ලෝර් එකට ගියත් තර්ඩ් ෆ්ලෝර් එක තනිකරම බ්ලූ ලයිට් එකකින් තමා දීප්තිමත් වෙලා තිබ්බේ. ඒ වගේම කවුරුත්ම පේන්න හිටියෙත් නෑ.
කෙල්ල හිමීට හිමීට ඉස්සරහට ගියා. ඒ ෆ්ලෝර් එක මැද්දේ තිබ්බෙ ටේබල් එකක්. ඒ වගේම බිම හැමතැනම බැලූන්. 


කෙල්ලට තේරුනා කවුරුහරි තමන්ගේ පිටිපස්සේ ඉන්නවා කියලා. එකපාරම කෙල්ල හැරෙද්දී දැක්කෙ ඒ ඉන්නේ එයාගේ සැඟවුනු අමුත්තා කියලා. ඊයේ කෙල්ලට එව්වා වගේම මල් පොකුරක් අතේ තියන් හිටියෙ. 
" අහී... " 
" ඕ මයි ගෝඩ්... ඔයා මට ඔයා කවුද කියලා කියනවා කිව්වත් ෆේස් මාස්ක් එකක් දගෙනනේ ඉන්නේ...." නුහී සැඟවුනු අමුත්තා ළඟට යන ගමන් කිව්වා. 
"ම්ම්ම්... දිස් ඉස් ෆෝ යූ.... " ඔහු නුහීට මල් පොකුර දුන්නා.

මල් පොකුර ගත්ත නුහී,
" කෝ දැන් මං අහපු දේට උත්තර දුන්නෑනේ..."
" ම්ම්... එහෙනම් ඔයාට බලන්නකෝ මං කවුද කියලා..." නුහිව එකපාරට ඇදලා ගත්ත පාර නුහී නැවතුනේ සැඟවුනු අමුත්තාගේ පපුවේ.
" කෝ ඉතින් බලන්න දැන් මං කවුද කියලා..." ඔහු නුහීගේ කනට කොඳුරද්දී නුහීගේ ඇඟට සීතල වෙලා ගියා.
හෙමීට හෙමීට අත ඔහුගේ මූණට අරන් ගියපු නුහී ඒත් ආයේ නැවතුනේ එයාව ගැහෙනවා කියලා දැනුනු හින්දා.
" කෝ මයි බේබි.. මොකෝ මේ ගැහෙන්නේ..." කියමින් නුහීව වඩා ගත්ත ඔහු ගිහින් ඒ ෆ්ලෝර් එකේ අයිනක තිබ්බ සෝෆා එකේ ඉඳගත්තේ නුහීව ඔඩොක්කුවේ තියාගෙන.
නුහී හිටියේ නම් හාවෙක් වගේ ගැහෙමින්.
" මොකෝ අහී දැන් මං කවුද කියලා දැනගන්න ඕන්නැද්ද..."
හොඳ හුස්මක් ගත්ත නුහී ආයෙමත් ඔහුගේ මූණට අත අරන් ගියා. කෙල්ලගේ අත ගැහෙන හැටි දැකලා කොල්ලටත් හිනා.
අන්තිමට මේ පාර නම් කෙල්ල මාස්ක් එකට අත තිබ්බා. හිමීට හිමීට මාස්ක් එක ගලවපු නුහීගේ ඇස් ලොකු වුනේ වීදුරු බිත්ති අතරින් වැටුනේ හඳ එළිය ඔහුව හොඳන් බලාගන්න කෙල්ලට හොඳ ඉඩක් දුන්න හින්දා.
" ඔයා...."