Short story by pari🖤
crush එකට පෙම් බඳින සුවහසක් ජනතාව වෙනුවෙන්....
Crush එක විතරද....
" දැන් කියපන් crush එකක් ඉන්නවද...."
මගෙ ඇස් ඉබේම හැරුනේ එයා දිහාට.
oh no.... එයත් මං දිහා බලාගෙන...
මගේ කම්මුල්වලට ලේ පිරුනෙයි හාට් බීට් එක වැඩිවුනෙයි ඉබේමයි...
ඔව් ඒ මගේ crush එක...
කේශ්ව් දන්තනාරායන...
මගේ විතරක් නෙවෙයි ස්කෝලේ ගොඩාක් ගෑනු ළමයිගේ crush එක...
" ඒයි කොහෙද බන් ගියේ... වරෙන් මෙහේ..."
එකපාර මගේ ඇස් ඉස්සරහින් මගේ පාපමිත්‍ර හෂිනිගේ අතගියේ මම ආපහු පියවි සිහියට එද්දි.
ඒත් එයා තාම මං දිහා බලාගෙන.
" කියපන්කෝ... උබට crush එකක් ඉන්නවද..."
ආයෙත් මගේ යාලුවෝ අහද්දී මම ඔලුව වැනුවේ ඔව් කියන්න...
ඒ වගේම එයා තාමත් මං දිහා බලන් කියලා මට ඇස් කොණෙන් පේනවා... ඇත්තටම ගෑනුන්ට පේනවා වැඩී නේද...
" ෂාහ්... වාව්... කවුද බන් උබේ ක්‍රෂ් එක... " ඒ ගමන් අර නසරානියා.
පන්තියේ ඉන්න මට පෙන්නන්න බැරිම එකා...
" ඇයි උබට මොකටද මට බන්දල දෙන්නද..."
" නෝ නො ස්වීටී... ඔයාගේ ක්‍රෂ් එකට ඔයාව කවදාවත් හම්බෙන්නෙ නෑ... ඔයා මගෙනේ..."
" ආද්‍යා... ඔයාට ප්‍රින්සිපල් කතා කරනවා..."
ඒ කටහඬටත් මාව ගැස්සෙනවා.
ඔව් ඒ වෙන කවුද මගේ crush එක තමා.
ඉබේම හිටපු තැනින් නැඟිටලා මම යන්න ගත්තේ එයා පස්සේ..
හෝව් හෝව්ව්....
මම එයා පස්සේ යන්නේ නෑ...
එයා ස්කෝලේ ප්‍රදාන ශිෂ්‍යනායකයා වෙද්දී මම ප්‍රදාන ශිෂ්‍ය නායිකාව...
වාව්... මෙයා නම් ජිම් යනවද මන්දා.. ස්කෝලේ යුනිෆෝම් එකට වුනත් ඒ හැඩිදැඩි ඇඟ... වාව්... අනේ මගේ උනා නම්...
ඒයාගේ සිහියෙනම් ආපු මම එකපාර හැප්පුනේ එයාගේ පිටේමයි...
සෑ වාව්... ජිම් යනවා තමා.. මට මූණක් දාන්න වෙයි වගේ අනේ මගේ ලස්සන මූනු තහඩුව.. නහය කැඩුනද මන්දා..
" හායි කේශ්ව්... ඉතින් මොකෝ ආර්ට් එක පැත්තේ... "
හෑ... කවුද යකෝ ඒ... ඇදිලා පැදිලා කියන හැටි විතරක්...
මං කේශ්ගේ එහාපැත්තෙන් ඔලුව දැම්මේ මගේ crush එකට ටෝක් කරන්නේ කවුද කියලා බලන්න....
හප්පෝ මේ සිරිය ලතානේ.. ආර්ට් එකේ කෑල්ල... හිතන් ඉන්නේ එළිසබත් රැජිනගේ මිනිබිරී කියලා... නමත් නතාෂා... දෙන්න පුලුවන් හොම්බ රිවට් වෙන්න...
" Excuse me නතාෂා ඉඩ දෙනවද අපිට යන්න..." බලන් ඉන්න බැරිම තැන මම කට ඇරියේ මේකි මගේ crush එක ඇස් දෙකෙන් කන හින්දා.
" ඕහෝ... මේ ආද්‍යානේ... මම තමුසෙව අල්ලන් ඉන්නවැයි යනවා ඉතින්..."
" තමුසේ කතා කරන්න ඉගෙන ගන්නවා නතාෂා... මේ ස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට්... අයින් වෙනවා පාරෙන් තවත් බලන් ඉන්නේ..."
අඩෝ නෝ එයා මං වෙනුවෙන් කතා කළා... දෙයියනේ මාව පා වෙනවා වගේ...
" දැන් තමුසේ තවත් බලන් ඉන්නේ එනවා යන්න... "
අනේ මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ එයා මගේ අතින් අල්ල ගත්තා.
අර නැට්ටිච්චිගේ මූණ බලන්නෙපැයි කොරහක් වගේ... කොරහා හොඳවැඩී ගොම්බෙට්ටක් වගේ...
කේශ්ව් මගේ අත අතහැරියේ ඔෆිස් එක පේන මානෙට එද්දී...
අනේ අද නම් මම අත හෝදන්නේ නෑ... නෑමයි....
ප්‍රින්සිපල් එක්කත් කතා කරලා අපි දෙන්නා එළියට ආවා.
කොහොමහරි අන්තිමට අපේ අවසාන දවසත් ආවා...
කියන්න බැරි වුනානේ අපි A/L සෙට් එකක්...
එයත් bio මාත් bio...
කොහොමහරි අපි අන්තිම පේපර් එකත් ලියලා ස්කෝලෙන් එළියට ආවා.
මගේ ඇස් හෙව්වෙ එයාව වුනත් පේපර් දීලා ආවට මං තාම එයාව දැක්කේ නෑ...
අනේ අද දැක්කේ නැත්තන් ආයේ මාස ගාණකට දකින්න වෙන්නේ නෑ..
මගේ ඇස් වටේම කරකෝ කරකෝ හෙව්වත් ඇස් දෙක රිදුනා විතරයි එයාගෙ හෙවනැල්ලක්වත් නෑ.
යාලුවෝ ඔක්කොටමත් සමු දීලා මම ආවේ ගෙදර යන්න..
පුරුදු විදිහටම බස් එකෙන් බැහැලා ගෙදර යන ගමන් පොඩි ගල් අල්ලපු පාරේ වැටිලා තියන මාර මල් ඇහිද ඇහිද මං කල්පනා කරේ එයා ගැන.
ඇත්තටම එයා මගේ crush විතරමද...
එයා ළඟ වෙන ගෑනු ළමයෙක් හිටියොත් මගේ හිතට මොකක්ද වෙන්නේ ඇයි...
එයා ක්‍රෂ් එක විතරම නම් එහෙම වෙන්න බෑනේ...
ඒ කියන්නේ මම එයාට ආදරේ කරනවද...
ඔව් මං හිතන්නේ මං එයාට ආදරෙයි...
Keshw pov:
පිස්සියක් වගේ පාරෙ යන්නේ...
පොඩි එකෙක් වගේ මල් ඇහිඳ ඇහිඳ හිනාවෙවී...
මේකිගේ මේ කෝලම්වලටනේ මාත් වශී වුනේ ඇත්තට...
ආද්‍යා... මම දන්නවා ඔයා මට කැමති කියලා...
නැත්තන් මාව දැක්කම ඔය ඇස් ගැස්සෙන්නේ නෑනේ... මගේ ළඟ වෙන කෙල්ලක් හිටියම රවන්නෑනේ...
අවුරුදු ගාණක් තිස්සේ මාත් උබට ආදරේ කරන්නේ...
ඒත් නියම වෙලාව එනකන් මම බලන් හිටියේ...
අද තමා හොඳම දවස...
මම දන්නවා උබ ස්කෝලෙන් එළියට ආපු ගමන් හෙව්වෙ මාව කියලා.. මාව පේන්න නැති වුනාම ඔය ඇස් මැලවෙනවත් මම බලාගෙන... ඒ වෙලාවේ නම් ඇත්තමට මගේ පපුවට මොකක්ද උනා බන්..
අද මං අනිවාර්‍යෙන් උබට කියනවා..
මම දන්නවා උබේ crush එක මං කියලා...
ඒත් උබ දන්නෑ මගේ crush එක උබ කියලා....
" ආද්‍යා..."
Adyaa's pov:
හෑ මට නම් මනෝ විකාරෙද මන්දා ඒ කටහඬ නිකනුත් ඇහෙනවා...
" ආද්‍යා...."
ආයෙත් පාරක්... සිරාවටම හෂියා කියන කතාව ඇත්ත මට පිස්සු තමා..
" ආද්‍යා තමුසේ බීරිද..."
නෝ නෝ ඒක නම් ළඟිනුත් ඇහුනා.
පිටිපස්සෙන් වගේ ඇහුනේ කලු කුමාරයාවත් ඇවිත්ද...
සේප් එකේ හැරිලා බලන්න ඕනේ... අනේ මාව කැන්දාගෙන යයිද...
නෑ නෑ දෙයියනේ එයා ඇවිත්...
කළු කුමාරයා නෙවෙයි ගායිස්..
මගේ සිහින කුමාරයා..
" කේශ්ව්... ඔයා... මෙහෙ..."
" ඔව් ඇයි එන්න හොඳ නැද්ද..." එයා මගේ ළඟට එනගමන් කියද්දී මාව හිටිය තැනම ගල් වුනා කිව්වොත් හරි.
" මොකෝ බන් සීතල වෙලා..."
එයා මගේ කම්මුලක් ඇල්ලුවා...
නෑ නෑ වෙන්න බෑ...
මම නිදි වගේ..
නැගිටපාන් ආද්‍යා...
" හේයි මොකෝ කතා නැත්තේ වෙන වෙලාවට මැෂින් එක වගේ කියවන එකමයි නේද කරන්නේ..." එයා ඇහුවේ මගේ කම්මුලෙන් අත අරගෙන.
" මේ මේ... මම... මේ...ඔයා... කොහෙද... මෙහේ... ඔයාගේ...ගෙවල් මෙහේ.. නෙවෙයිනේ..."
වචන එන්නෙත් නෑ දෙයියනේ මගේ හාට් එක එකසියගාණට ගැහෙනවා... කිරීටක දමනියකට කෙළ වෙලා මැරිලා යයිද මන්දා ගායිස්...
" ආ... මම මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න ආවා..."
අනේ දෙයියනේ..
එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා...
මට බෑ..
මගේ ඇස්වලට කඳුලු උනනවා...
මට ඒක නවත්තගන්න බෑ...
මට තවත් මෙතන ඉන්න බෑ...
මම ඉක්මනටම ආපහු හැරිලා ගෙදර යන්න ගත්තේ මගේ ඇස්වලින් වැටෙන කඳුලු එයාට පෙන්නන්න ඕන නැති හින්දා...
ඒත් මට අඩි දෙකයි යන්න හම්බුනේ..
එයාගේ විසාල අත් මගේ බඳ වටේ එතුනේ... ඒ වගේම එයා මගේ උරහිසින් ඔලුව තියාගත්තේ මට හිතන්නවත් වෙලාවක් නැති වෙනකොට...
දෙයියනේ මාව වෙව්ලනවා...
" ඉතින් අහන්නැද්ද ඒ කවුද කියලා..."
ඇත්තටම මට ඒ ප්‍රශ්නේ අහන්න ඕන වුනත් මට බෑ..
මට තවත් හයියෙන් ඇඩුනා....
ඒත් එක්කම එයා මාව ඒ විසල් පපුවට තුරුල් කරගත්තේ මගේ කදුලුවලින් ඒ සුදු ෂර්ට් එක පෙඟෙද්දී.
" ඕකනේ ඉතින් තමුසේ පොඩි දේටත් අඬනවානේ අහනවකෝ ඉතින්..."
ඒත් මං කොහොමද මගේ කදුලු නවත්තගන්නේ..
මම මෙහෙම ඉන්නෙක වැරදි නේද එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දැක්කොත් ඒ දේ හොඳ නෑ...
මම ඉක්මනටම එයාගෙන් ඈත් වෙලා ආයෙ යන්න ගත්තත් ඒ අත් ආයේ මගේ බඳ වටේ... ඔලුව මගේ උරහිසේ...
" තමුසෙට මම crush එක විතරමද ආද්‍යා...."
දැන් ටිකකට කලින් මම මගෙන්ම අහගත්‍ත ප්‍රශ්නේ එයා මගෙන් අහද්දී මගේ ඇස් ඉබේටම ඒ මූණට ගියේ ඒයා කොහොමද දන්නේ කියනේ ප්‍රශ්නෙත් එක්ක...
ඒත් එක්කම එයා මගේ කනට ලං වෙලා රහසින් වගේ මිමිණුව ඒ වචන ටිකට මඟේ ඇඟ ආයේ පාරක් සීතල වෙලා ගියා...
" I love you ආද්‍යා... මම මේක කියන්න ගොඩක් කල් බලන් හිටියා...."
එයා මට ආදරෙයි...
නෑ වෙන්න විදිහක් නෑ මේක හීනයක් තමයි..
නැගිටපන් ආද්‍යා...
මම මගෙම අත කොනිත්ත ගත්තේ එයා මං දිහා බලන් හිනාවෙද්දී....
" මේක හීනයක් නෙවෙයි ආද්‍යා... " කියපු එයා බර වුනේ මගේ තොල්වලට...
ඒ කුළුදුල් හාදුවෙන් පස්සේ මාව රතුවුනේ ලැජ්ජවටම බිම තියන ගල් ගණන් කරන්න ගද්දි.... ඇත්තටම මං ගල් දහයක් ගණන් කරා...
" මං ආසම තමුසේ ඔය රතුවෙන එකට තමයි බන්... ජම්බු ගෙඩියක් වගේ... මොකෝ මට ආදරේ නැද්ද..." එයා අහද්දී තවත් කටපියන් ඉන්න පුලුවන් ද...
" මාත් ආදරෙයි ඔයාට..."
" ගොඩාක් ආදරෙයි මගේ පිස්සී...." කියපු එයා මාව ඒ පපුවට තුරුල් කරගත්තා...
අවුරුදු ගාණකට කලින් වෙච්ච දෙයක් මතක් කර කර කර මම හිටියේ අපේ රූම් එකේ ස්වින්ග් එකේ..
ඒ සිද්ධිය වෙලා මේ වෙනකොට අවුරුදු දහයක්... අපි දෙන්නා මැරි කරලා අවුරුදු තුනක්...
" මොනාද මගේ චූටි අම්මී කල්පනා කරන්නේ...."
මං ළඟට ආපු එයා මාව ස්වින්ග් එකෙන් අරන් එයාගේ ඔඩොක්කුවට ගත්තේ මම ඉන්න ආසම තැන එතන කියලා එයා දන්න නිසාමයි.
" මම කල්පනා කරේ ඔයා මගෙන් ask out කරපු දවස ගැන... මතකද..." මම ඇහුවේ ඒ මූණේ ඝනව වැඩුනු රැවුල අතගාමින්.
"නෑනේ..."
" යන්න අනේ... ඔයා හරිම නපුරුයි..." කියලා මම නැගිටින්න හැඳුවත් එයා ආයෙ මාව ඉන්දගත්තා..
" මැණිකේ ඔච්චර නපුරු වෙලා මගේ චූටි කොල්ලවත් නපුරෙක් කරන්න එපා... මේ තාත්තයි පුතයි දෙන්නම දරාගන්න ඔයාට බැරිවෙයි...."
එයා කිව්වේ මාස හතක් වෙච්ච මගේ පිරුනු කුස අතගාමින්.
ඒත් එක්කම පුංචි පුතත් එයාගේ තාත්තව අඳුනගෙන මට තරු පේන්න පයින් පාරක් දුන්නේ ඉබේම " ආව්" කියවෙද්දී.
" චූටි පුතු අම්මට රිද්දන්න එපා මැණික..." එයා කුස අතගාමින් කියද්දී පුතා සන්සුන් වුනේ ඉබේමයි.
" මට එදා දවස හොඳට මතකයි මැණික... පිස්සියක් පාරේ මැයි මල් අහුල අහුල හිනාවෙවී හිටපු දවස කොහොම අමතක වෙන්නද...."
" අනේ මේ..."
එයා කියන්නේ විහිලුවට කියලා දන්නවා වුනත් දන්නැද්ද ගෑනු උනාම චුට්ටක් ගණන් උස්සන්නත් ඕනනේ...
" I love you මැණික...."
එයා මගේ කනට ළං වෙලා රහසින් වගේ කියද්දී සත්තයි අදත් මාව ගැස්සුනා...
" ඔයා මගේ crush එකනේ.. " හැමදාම එයා ආදරෙයි කිව්වම මම කියන්නේ ඒක...
" Crush එක විතරමද...."
____________________________________
ඔයාලටත් නැද්ද ළමයි එහෙම crush එකක්.... crush එකක් විතරද කියලා අහන්න පුලුවන්....
comment එකක් දාගෙන යන්නකෝ එහෙනම්...
ආදරෙයි හැමෝටම 🖤