Short story by pari🖤
ගැබ්බර මනාලිය....
නෑ එහෙම දෙයක් වෙන්න බෑ....
මම....
නෑ නෑ... කොහෙත්ම වෙන්න බෑ....
මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ... නෑ ඒක වෙන්න බෑ....
මීට මාස තුන හතරකට පස්සේ මේ දේ දැක්කා නම් මට සතුටු වෙන්න තිබ්බා...
ඒත් මේ දරුවාගේ තාත්තා කවුද කියලාවත් මම දන්නේ නෑ...
ඒත් මම එහෙම කෙනෙක් නෙවෙයි...
මේ හැමදේම සිද්ධ වුනේ මීට සති තුනකට කලින්...
එදා කැම්පස් එකේ අවසාන දවස... මට කවදාවත්ම හොඳම යාලුවෙක් කියලා කෙනෙක් කිටියේ නෑ... මම හැමෝමවම ආශ්‍රය කරා... ඉතින් අන්තිම දවස හින්දා හැමෝම කතා කරේ ක්ලබ් යන් කියලා... තාත්තාගෙන් අවසරේ නොලැබෙන බව දැනගෙන වුනත් යාලුවෙක්ගේ ගෙදර පාර්ටියක් කියලා මම ගෙදරටත් හොරෙන් කිසිස්ම බයක් නැතුව ක්ලබ් ගියේ මම බෝඩිමක හිටපු හින්දා තාත්තා මං ආපු වෙලාව දැනගන්නේ නෑ කියලා හොඳටම දන්න නිසා..
ඒත් එදා තමා මගේ ජීවිතේ වෙනස් වුනේ... පළවෙනි වතාවට යාලුවොන්ගේ බලකිරීමට ඩ්‍රින්ක්ස් ගත්ත මට මත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.... ඒත් මම දිගින් දිගටම තවත් ඩ්‍රින්ක්ස් ගත්තේ වැඩි වෙලාවක් නොයා මගේ හොඳ සිහිය මඟෙන් ඉවතට යද්දී...
පහුවදා උදේ මම නැඟිටිනකොට හිටියේ ඇඟේ නූල් පොටක්වත් නැතුව ඇඳක් උඩ... ඇඳුම් ඇඳ වටේ හැමතැනම විසිරිලා... වෙලා තිබ්බ හැමදේම තේරෙද්දී මගේ එහා පැත්තේ හිටපු කෙනාගෙ මූණවත් නොබලා මම ඉක්මනට ඇඳුමත් ඇඳගෙන ගියේ බෝඩිමට... ඒ වෙනකොටත් මගේ යාලුවෝ මාව දාලා බෝඩිමෙනුත් ගිහින්. අන්ත අසරණ බවක් දැනිච්ච මම ගෙදර ආවා...
ඒ වෙලාවේ මට හිතුනා තාත්තට බොරු නොකියා බෝඩිමටම වෙලා හිටියා නම් මේ වගේ වෙන්නෙ නෑනේ කියලා...
එතකොට අද මගේ වෙඩින් එක...
ඒකත් මම කවදාවත් දැකලාවත් නැති කෙනෙක් එක්ක...
ඒත් එක්කම මම අම්මා කෙනෙක් වෙන්න යනවා..
මට මොනා කරන්නද කියලා තේරෙන්නේ නෑ...
මේ ගැන අම්මට හරි තාත්තාට හරි කිව්වොත් අනිවාර්යයෙන්ම මට මැරුම් කන්න වෙනවා..
ඒත් මට මං බඳින කෙනාව රවට්ටන්නත් බෑ...
අන්තිමට මට එයාව මැරි කරන්න වුනා... වෙඩින් එකේ වැඩ ඉවර වෙලා අපි ආවේ හොටෙල් එකට...
මට එයාට කියන්න ඕන වුනා මේ දේ ගැන...
වොෂ් එකකුත් දාගෙන ඇවිත් බැල්කනි එකට වෙලා මම කල්පනා කරේ මම කොහොමද මේ දේ එයාට කියන්නේ කියලා...
ඒත් දවසම මහන්සි වෙලා හිටපු මට එකපාර කලන්තේ ගතියක් දැනිලා වැටෙන්න යද්දී මම දැක්කේ එයා ඇවිත් " සනූ...." කියලා මාව අල්ලගත්තා....
මම ආයේ ඇස් අරිද්දී හිටියේ ඇඳ උඩ. එයා මං ළඟම ඉඳගෙන හිටියේ මගේ මූණ දිහ බලාගෙන.
එයාට වරදක් කළා කියන හැඟීම මගේ හිත ඇතුළේ කැරකෙමින් තිබ්බ හින්දා ඒ බැල්ම දරාගන්න එක මට කරන්න බැරි වැඩක් වුනා...
ඒත් එක්කම කටට දැනුනු අප්පිරියාව වගේම බඩ කළතගෙන ආපු හින්දා මම බාතෲම් එකට දුවද්දී එයත් මගේ පස්සෙන් දුවන් ආවා..
මම වමනේ කරලා ඉවර වෙනකන්ම එයා මගේ පිට අතගාමින් හිටියේ මට පොඩි හරි සහනයක් දෙන්න..
ඊටපස්සේ මාව වඩාගෙන ගිහින් ඇඳෙන් තිබ්බ එයා මගේ ළඟින් ආයේ ඉඳගත්තා...
ඒත් එක්කම මෙච්චර වෙලා හිරකරන් හිටපු මගේ වේදනාව එළියට පැන්නේ කඳුලුත් එක්කමයි....
" සනූ... ඇයි මේ... ප්ලීස් අඬන්න එපා... ඇයි මේ අඬන්නේ... "
එයා මගෙන් අහද්දී මම කොහොමහරි මගේ කඳුලු පාලනය කරගෙන එයාට විස්තරේ කිව්වා...
" අනේ මට සමාවෙන්න... මම පිරිසිදු කෙල්ලක් නෙවෙයි... මීට සතු තුනකට විතර කලින් මගේ අතින් වැරැද්දක් වුනා... ඒත් මම ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි... මම ඒ වෙලාවේ ඩ්‍රින්ක්ස් අරන් හිටියේ.. ඒත් මම දැන් ප්‍රෙග්නන්ට්... ඔයා මට ඩිවෝස් එක දෙන්න... මම ඕන වෙලාවක ඒකට ලෑස්තියි.. ඒත් මගේ අම්මටයි තාත්තටයි මේ ගැන කියන්නෙපා ප්ලීස්..."
මම අත් දෙක එකතු කරලා වැදලා කියද්දී එයා මගේ අත් දෙකෙන් අල්ලගෙන එකපාරට මාව බදා ගත්තා.
මම මෙහෙම දෙයක් කිව්වම මෙයා මෙහෙම රිඇක්ට් කරයි කියලා නම් හීනෙකින්වත් හිතුවේ නෑ...
ඊටපස්සේ එයා මාව ඇඳේ පෙරළගෙන මම ඇඳන් හිටිය ටී එක ඉස්සුවේ මට හිතන්නවත් වෙලාවක් නොතියා..
ඊළඟට ඒ අත මගේ කුස පුරා යද්දී මාව සීතල වුනේ ඒ නුපුරුදු ස්පර්ශය නිසාමයි.
" ඒ කියන්නේ මගේ චූටි පැටියා මෙතන ඉන්නවද..." කියමින් එයා මගේ කුස පුරා තොල් තියන්න ගත්තේ මාව තවත් ගැස්සෙද්දී.
මම එයාගෙන් අයින් වෙන්න හැදුවත් ඒ හැඩිදැඩි ඇඟත් එක්ක මට ඒ දේ කරගන්න බැරි උනා..
" අනේ අයින් වෙන්න ප්ලීස්... ඔයා මාව අම්මගෙනුයි තාත්තගෙනුයි බේරගන්න ඕනේ නෑ.. මට ඩිවෝස් එක දෙන්න... මම ඈතකට ගිහින් මගේ දරුවත් හදාගෙන ජීවත් වෙන්නම්..."
" තමුසෙට පිස්සුද තමුසේ මගේ ළමයා අරන් කොහෙ යන්නද..." එයා කෑගහද්දී මට දැනුනු බයටම මම ඇඳේ මුල්ලකට ගුලි වුනා.
මට හිතුනෙම එයාට පිස්සු කියලා... නැත්තන් අනුන්ගේ ළමයෙක්ට උප්පැන්න දෙන්න එන්නෙ ඇයි...
" ඔහ්.. සොරි සනූ... මම ඔයාට කෑගැහුවා නේද... අහන්නකෝ... මම තමයි මේ දරුවාගේ තාත්තා..."
මගේ ළඟට ආපු එයා මගේ කුස උඩින් අත තියලා කියද්දී මට අදහගන්න බැරි වුන..
" එදා ඔයා රෑ හිටියේ මාත් එක්ක... මමත් එවෙලේ ඩ්‍රින්ක්ස් අරන් හිටපු නිසා මටත් සිහියක් පතක් තිබ්බේ නෑ... උදේ නැගිටල බලද්දී තමා මට වෙලා තිබ්බ හැමදේම තේරුනේ... ඇඳ උඩ තිබ්බ රතු සලකුණ දැක්කම මට මං ගැනම තරහක් ආවා... ඊටපස්සේ මම CCTV චෙක් කරලා ඔයාව හොයාගෙන ඔයාලාගේ ගෙදරට ප්‍රපෝසල් එක එව්වෙ...මට සමාවෙන්න මාට දාලා යන්න එපා සනූ... මම ඔයාට ආදරෙයි... මට ඔයාවයි මගේ දරුවවයි ඕනේ..."
එයා එහෙම කියද්දී මට ඇත්තටම මොනා කියන්නද කියලාවත් හිතාගන්න බැරි වුනා..
ඒත් අන්තිමට මගේ දරුවට තාත්තා කෙනෙක් ඉන්නවා කියන හැඟීමත් එක්ක මට දැනුනේ ලොකු සතුටක්...
" මම දන්නවා සනූ... ඔයාට මට දැන්ම උත්තරයක් දෙන්න බැරි වෙයි.. ඔයා කාලේ ගන්න.. මම ඔයා එක්ක ඕන දේකට ඉන්නවා... ප්ලීස් මාව දාලා යන්න විතරක් හිතන්න එපා..."
තවත් ඉතින් මම මොනා හිතන්නද මේ මගේ හස්බන්ඩ්.. ඒ වගේම මගේ දරුවාගේ තාත්තා... ඉතින් මම එයාව දාලා කොහෙ යන්නද....
" මම කොහෙවත් යන්නේ නෑ..." කියලා එයාගේ පපුවට තුරුල් වුනේ එයා සතුටින් මගේ ඔලුව අතගාද්දී...
නිමි.