ඉස්සර ලස්සන දවසක
හැමදාම හදවත සනසපු
ප්‍රේමණීය බැල්ම
ටිකෙන් ටික සීමා වෙද්දි
ඊලඟ පැය ගැන තිබුණු බලාපොරොත්තු
මේ පැයේ දි බොඳ වෙලා යද්දි
පැලිලා යන්න හැදුවට පපුව
අද දුෂ්ඨ ම දුෂ්ඨ දවසක
තැම්බිලා - තෙරපිලා
මිරිකිලා - දියවෙලා
තැලිලා - පොඩි වෙලා
දැවිලා - අළු වෙලා
බොඳ වෙලා - නැති වෙලා
පොඩිපට්ටම් වෙලා
නෑ කුඩුපට්ටම් වෙලා යද්දිත් හදවත
හැඟීම් විරහිතව
නොදැක්කත් නැති නොවෙන ප්‍රේමෙකට
අන්සතු උනත් නැති නොවෙන ප්‍රේමෙකට
වගකියන තරමට ම
වෙනස් වුණු හැටි මාරයි
ඇත්තටම මේ හදවත...! 🫀✨
.
.
.
.
සඳූ මනුවීර ✍🏻