ඩිස්නි මට දොස් කියලම කාමරයෙන් ඉවතට යද්දී සැරින් සැරේ මේ රිදෙන හිත කෝම දරාගන්න ද මට තේරැම් නැතුව ගියා.
පුංචි කාලේ තාත්තා නිසා රිද්ද ගතිපු හිත රදීශ් ගෙ පවුලෙ අය නිසා ආයෙම මං රිද්ද ගන්න හුරැ වෙලා.
කොහෙද ඩිස්නි ගියේ...කාටද කෑ ගැහුවේ...?? " පහලට එද්දි සංදේශ් ඇහුවේ ය.
අර ගෑණි මගේ දරැවව ඒකි ළඟ තියන්..කව්ද දන්නේ ඔයාගෙ මල්ලි ට වගේ මගේ දරැවටත් මොනාහරි කරයි ද කියලා ...."
මට බබා ඇවිත් කිව්වා,, මොකක්ද ආන්ටි බේබි ද මොකක්ද කියලා ..." සංදේශ් මයෝන් ව බිම තිවුවේ එසේ කියමින්..
මේ... මයෝන් අර උඩ ඉන්න ආන්ටි එක්ක ආයේ කතාවට යන්නෙපා.. ඔයාව ගිල ගනීවී .. ඔය ආන්ටි බේබි කියන එක නතර කරන්න... " මයෝන් ලඟට පාත් වු ඩිස්නි කීවේ කෝපයත් ඉවසීමත් සමාන කරමින්..
ඒ ආන්ටි හොඳයි අම්මී"... නෝටී නෑ... ඔයා තමයි නෝටී...." මයෝන් එහෙම කියාගෙන ගියේ රදීශ් ගෙ අම්මා ලඟට..
බලන්න සංදේශ්.. අර ගෑණි දැන් ම මගේ දරැවා ට මොනවද කරලා.. අම්මා කියන කතාව ඇත්ත.. කව්ද දන්නේ ගෙදරට හූනියම් කරලද කියලා ... තව දවස් දෙක තුනකින් අපිට ත් වෙන්නේ ඒ දේම තමයී....
Be patient disni... please now enough " සංදේශ් කීවේ අහකට යමින්..
මඳ වේලාවක් ගත විය.
ටිකකින් සංදේශ් ට ආ ඇමතුම ඔහු ආන්ස්වර් කලහ.
ආ.... නතාශී... ,,
කොහොමද අයියේ...."
ආෆ්ටර් ලෝන්ග් ටයිම්.. සෝ වට්ස් අප්.." සංදේශ් ඇසීය.
කව්ද පුතා.. "
අම්මේ...මේ නතාශී.....""
තම දුරකථනය මවට දුන් සංදේශ් හා අම්මත් වාඩි විය.
ඒ එක්කම ඒ කිසිවක් නොදන්නා මං ගියේ පහලටයී..සැවොමසෝෆා එකේ රැදී කවුරැන් හෝ සමඟ සුහද ශීලි ව කතා කරන අයුරැ දුටුවත් රෑපයක් නම් දැක්කේ නැත.
මං පහලට එද්දී සෝෆා එකේ හැමෝම මං දිහා බැලුවේ කිසි ගානක් නැති විදියට.
කුස්සියේ එළවළු කපමින් හිටි සීලා අම්මාට මං කතා කලා.
චූටි නෝනා... " නෝනට මොනාහරී ඕනද.. ?? ඇය ඇසීය.
එපා සීලා අම්මේ...."
මං කියන්නමයි හිටියේ... ආයේ නෝනා මට අම්මා කියන්නෙපා සීලා කියන්න.. මොකද නෝනා මේ ගෙදර කෙනෙක් නේ..
එහෙම හිතන්නෙපා සීලාඅම්මේ... , මටත් සීලා අම්මා වගේ ම අම්මා කෙනෙක් හිටියා.. එයා මැරිලා.." ප්‍රැන්ටි යට හේත්තුව දමා මා කීහ.
අනේ එහෙමද දෙයියනේ ...."
ඔව් සීලා අම්මේ... මං පුංචි කාලෙ දීමයී.... " මං වුන හැමදේම සීලා අම්මට කියන්න ගත්තා.
කෝ.. ලොකු අම්මේ.. රදීශ් අයියා..." වීඩියෝ කෝල් එකේ වුන් නතාශි ඇසීය.
ආ .... ආ... මොකද නතාශි රදීශ් මතක් වුණාද....?? " සංදේශ් නතාශි ට විහිළු වට එහෙම කියද්දී ඩිස්නි අතකින් ඇන්නේ ය.
රදීශ් වැඩ නේ නංගී..." ඩිස්නි කීහ.
නතාශි දුව ලංකාවට එන්න හිතන්නැහැ නේ.. "
හ්ම්ම්.... ඈ එහෙම්ම තොල් හපමින් සිනාසෙන්නට විය.
ඔය හිනාව නම් එච්චර අල්ලන්නෑ නතාශී.. " කියනවකෝ කවද්ද එන්නේ.. " සංදේශ් ඇසීය.
මං ආවම මොනවද මට හදලා තියන්නේ කන්න.."
ඕන දෙයක් දුව කැමතී... "
එහෙනම් ලොකු අම්මේ.. මට ලංකාවේ විදියට රසම රස ප්‍රයිඩ් රයිස් හදලා තියන්න මං එද්දී,, මං දැන් ලොකු අම්මටයි ට යි මගේ ලොකු අයියටයී ටයි අක්කටයී , මගේ රදීශ් බොස් ටයී ගන්න දේවල් ටිකක් තියේ... "
නතාශී... ඔයා ලංකාවේ ද....?? සංදේශ් ඇහුවේ කුතුහලයෙන් ය.
සප්‍රයිස් එක දැනගත්ත නේ..මෙි දැන් මං තියනවා.. මං දැන් බිසී තව පැය දෙකකින් මං ගෙදර... බායී..
එහෙම කියලා නතාශි ඇමතුම විසන්ධි කරද්දි හැමෝම එකිනෙකාගෙ මුව බලා ගත්තේ ය.
පුතේ... නතාශි දුව එනවා කියන්නේ ...??
ඒකනේ අම්මා... කව්ද හිතුවේ එකපාරම කෝල් ගද්දි මෙයා ලංකාවට එන්නේ කියලා කියන්න කියලා ..
අනිවාර්යයෙන් නතාශි එන්නේ රදීශ් ව බලාපොරොත්තුවෙන්" ඩිස්නි කීහ.
මෙයා ආවම මොන විනාසයක් වෙයි ද දන්නෑ..... " අම්මා කීවේ නලලට අතක් තබා ගනිමින්..
එන දේකට මුහුණ දෙමු අම්මෙි.. වෙන කරන්න දෙයක් නෑ දැන්.. " සංදේශ් තම මව තුරැල් කරගත්හ.
මං කුස්සියේ ඉද්දී ම ඩිස්නි කුස්සියට ආවේ අපෙ කතාවට හරස් වෙමින්..
සීලා තමුන් ට වැඩ නැද්ද මෙතන කයිය ගහන්නේ ?
මං වැඩ කර කර තමයි ඩිස්නි නෝනා හිටියේ.." එළවළු කපමින් හොරහැන් බලා සීලා කීහ.
ඔවි මං දැක්කනේ ඒක..... මේ... සීලා අද ඉතාලි වල ඉන්න නතාශි නෝනා එනවා ලංකාවට... එනවා නෙවෙයි ඇවිත් ඉන්නේ... ඉක්මනට ප්‍රයිඩ් රයිස් එකයී, චිකන් ඩෙවල්, පරිප්පු කරි එකයී, සලාද හදන්න.. තනියෙන් කරගන්න වෙලාවක් නැහැ නේ.. මෙයාවත් උදව්වට ගන්න.. මෙයාටත් වෙන වැඩක් නැහැ නේ... නිකන් නේ ඉන්නේ...." ඩිස්නි එහෙම කියන් මට රැවුම් දී එතනින් පිට වූහ.
අම්මෝ මං කොහොමද... චූටි නෝන ගෙන් වැඩ ගන්නේ... අනේ නෝනා යන්න නෝනා.. මං කරන්නම් මේ ටික..
කමක් නෑ සීලා අම්මේ.. මං උදව්වක් දෙන්නම්.. කෝ මං වෙජිටබල් ටික කපන්නම් සීලා අම්මා බත් එකක් ගහන්නකෝ.." මං සීලා අම්මගෙන් පිහිය අතට ගත්තත් සීලා අම්මා හිතකින් නෙවෙයි මට කරන්න වැඩ දුන්නෙත්..
ඩිස්නි නෝනා හරි ම නපුරැයී..." ඔහොම වෙන්න හොඳ නෑ කෙල්ලෝ වුනා ම .. ලස්සන විතරක් තිබිලා වැඩක් නැ හිත කැත නම්.. චූටි නෝනා... අනේ මන්දා අපේ මැඩම් ටත් එයාවම නේ ලොකූ... " සීලා අම්මා කීවේ තරහිනි.
ඇහෙන්නවත් එහෙම කියන්නෙපා සීලා අම්මේ... මිනිස්සු එක එක විදියට වෙනස්... එහෙම කියලා ඔයා ඕවා ඇහෙන්න කියන්නෙපා.. රස්සාව පරිස්සම්..කරගන්න" මං ටිකක් සැරෙන් සීලා අම්මට කීවා. මං නිසා වත් සීලා අම්මට නරකක් වෙන වට මං ආස වුනේ නැ.
චූටි නෝනා ඉතින් නෝනට කොහොම නපුරැ කම් කලත් ඒ මිනිස්සුන් ට නේ සලකන්නේ මැරිලා ඉපදිලා වගේ.."
මේ... නතාශි නෝනා කියන්නේ කව්ද සීලා අම්මේ...?
චූටි නෝනා දන්නැද්ද...?
එළවළු කපා අහවර කරපු මං ටිකක් නතර වී ඇසීය.
නෑ...
ඒ අපේ සේනක මහත්තයගේ අයියගේ දුව... ඒ පවුලෙ අය ඔක්කොම ඉතාලි වල.. අවුරැදු ගානක් රට ඉඳලා තමයි ඔය එන්නේ.. අයියලා මල්ලිලා වුනාට ඔය නතාශි කියන නෝනා ට අපෙ පොඩි බේබි ව බන්දන්න තමයි හිටියේ..."
එහෙමද...ඇයි ඉතින් ඒක නතර වුනේ...?
චූටි නෝනා එක්ක පොඩි බේබි කසාද බැන්ද නිසා තමයී...
ඒක වෙන්නැති එයාලා මං එක්ක මෙච්චර තරහ ගන්නේ... එතකොට පොඩි බේබී කැමති වුනා ද ඒ කසාදෙට...? මං ආයෙම ඇහුවා.
එහෙම කැමති වුනා නම් නෝනව බදී ද.." සීලා අම්මා කීවේ සිනා සී ය.
සමහර විට නතාශි තාම මෙි ගැන දන්නැතුව ඇතී.. ඒත් දැනගත්තොත් මේ ගෙදර මොන විනාසයක් වෙයි ද... " මං මුමුණන්නට ගත්තා.
පැය කිහිපයකට පසුව නතාශි ගෙදරට ගොඩ වුනේ රැගෙන ආ සියල්ල ත් එක්කමයි . බැගේජ් ටිකත් වත්තෙ වැඩ කරන මනුස්සයා ගෙයින් තිබ්බා.
ඔයා එනකම් තමයි අපි හිටියේ..." රදීශ් ගෙ අම්මා නතාශි ව වැළඳ ගත්තා.
ඉතින් ලොකු අම්මේ.. ඔයා නම් ලස්සන වෙලා..."
කාලෙකින් නේ.. ඒ නිසා වෙන්නැතී... ඔයා කාලම වොශ් එකක් දාලා එන්න දුව..."
හරි ලොකු අම්මේ... හරි ම බඩගිනීයි ..
කෝ.... ඩිස්නි අක්කා මයෝන් බබා....?
එකතැනක නැහැ නේ නංගී... ඉන්න කෝ මං එක්ක එන්නම් ගිහින් ....." ඩිස්නි එසේ කියමින් මයෝන් ව සෙවූහ.
මං කියපු ව නේ හැදුවේ..." නතාශි කෑම මේසයට වාඩි වී කීහ.
ඔව් දුව...."
හ්ම්... සුවදායී... එහෙනම් ඔන්න මං කන්න ගන්නවා... " එහෙම කියන්ම නතාශි පිගානට බත් හැදි දෙකක් දා ගත්තා.
ලොකු අම්මා මං ආව එකට සතුටින් ද ඉන්නේ..."
නැතුව දුව... ඇයි එහෙම කිව්වේ..."
නතාශි ට තව වචනයක් කියන්නට ඉඩ නොදී ම මං කෑම මේසය ලඟට කිට්ටු වුනේ වතුර ජෝගුව ක් තැබීමටයී.. රදීශ් ගෙ අම්මා මං දිහා ත් නතාශි දිහාත් මාරැවෙන් මාරැවට බැලුවා... මං හිමිහිට එතනින් පිටව නැවත කුස්සියට එකතු වුනා.
කව්ද ලොකු අම්මේ ඒ....? බත් කටක් කටට ගනිමින් නතාශි ඇසුවා.
ආ... මේ..... රදීශ් ගෙ.අම්මට එච්චරයි කියන්න ඉඩ තිබුනේ.. ඩිස්නි මයෝන් රැගෙන එතනට ආවේ ය.
ඒ තමයි අපේ ගෙදර සර්වන් ගෙ.දුව... රශ්මී.." ඩිස්නි කීවේ රදීශ් මව ගෙ මුහුණ දෙස බලමින්..
එයත් මෙහේ ද වැඩද..?
නංගී... අවුරැදු ගානකට පස්සෙ ආවම කොච්චර දේවල් කතා කරන්න තියෙනවද... ඕවද අහන්න තියෙන්නේ .... මෙන්න මයෝන් බබා එක්ක ආවා.." ඩිස්නි නතාශි ගෙ ප්‍රශ්න මගහැරියේ රදීශ් ගෙ මව තවමත් පුදුමයෙන් ඩිස්නි දිහා බලන් ඉද්දී..
දුව.... ඔයා කන්න කෝ.. මං උඩට ගිහින් බලලා එන්නම් ඔයාගෙ රෑම් එක ලෑස්ති ද කියලා .. ඩිස්නී.....මේ පොඩ්ඩක් යං කෝ .."
හරි අම්මේ... මං එන්නම්..
මයෝන් ව නතාශි ට දුන් ඩිස්නි රදීශ් ගෙ.මව පසුපස හඹා ගියා හ.
මොකක්ද ඩිස්නි අර නතාශි ට කිව්ව බොරැව..."ඩිස්නි උඩු මහලේ බැල්කනියෙන් පහල බැලුවා.
නතාශි ....ඒ වෙලාවේ රශ්මි කව්ද කියලා ඇහුවම රදීශ් ගෙ.වයිෆ් කියන්නද... කියන්නේ අම්මා...."
එහෙම කියලා එහෙම බොරැවක් කරන්න පුළුවන් ද .... "
ඉස්සරහට එන දේට මුහුණ දෙමු... වෙන කරන්න දෙයක් නෑ..." අනික ඒක අපේ කැමැත්තට වුන වෙඩින් එකක් නෙවෙයි නේ... රශ්මි මේ ගෙදර සර්වන්ලා ගානට දාලා ත් මදී... කොයිම වෙලා වකදී මෙතන ප්‍රශ්නයක් වෙනවා... ඒක අපි කවුරුත් දන්නවා... හැබැයී අපි කිසිම කැමැත්තකින් නෙවෙයි එයාව මෙහේ තියන්නේ...."ඩිස්නි කීවේ අම්මගේ මුහුණ දිහා බලමින්.
එහෙම කියලා මේ ගෙදර මළ ගෙයක් කරගන්න බැ දුව... නතාශි මේ ගැන දැන ගත්තොත් අනිවාර්යයෙන් බාප්පයි පුංචියි මෙහේ එනවා.. මොනා වෙයි ද දන්නැ.. තාත්තගෙයි බාප්පගෙයි සහෝදරකම් නැති වෙන දේවල් මේ..."
එන දෙයක් වෙනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ අම්මේ...."
සාමාන්‍ය විදියට හැමදේම සිදු වුනා. රැයක් පැමිනියාහ .නතාශි ගෙ දෙමව්පියන් රදීශ් ගෙ පවුලෙ අය හා කතා කලහ.
එලිමහනේ හිඳිමින් ඔවුනොවුන් සාකාච්ඡා කරන්නට වුනා. මඳකින් වාහනයක් හෝන් නඟන නිසා සැවොම අවධානය දුන් හ.
රදීශ් අයියද ? ලොකු අම්මේ...."
නතාශි එබුනි.
නෑ ... ලොකු තාත්තා..."
හ්ම්... රදීශ් අයියා ලේට් වෙයි ද තව..?
කියන්න බෑ දුව...."
නතාශි එහෙම්ම ගියේ සේනක අභියසටයී..
හලෝව් දුව.... කොහොමද ඉතින් ....ඔයා මාර කෙල්ලෙක් තමයී... නොකියම ආවානේ..." රදීශ් ගෙ තාත්තාගෙ බඳ වටා අතක් දැමූ නතාශි සිනා සීය.
ලොකු තාත්තිට මහන්සි නේ... අපි හිමිහිට හෙට කතා කරමු කෝ..
ඔව් දුව අද පොඩ්ඩක් මහන්සී.."
ටයි ගැටය ලිහිල් කරමින් එසේ පවසද්දි රදිශ් ගෙ මව රදිශ් ගෙ.තාත්තා සමඟ ගෙතුලට ගියහ.
නංගි ... අද නේ ආවේ.. මහන්සි නේ නිදා ගන්න..." ඩිස්නි නිදි බරව උන් මයෝන් ව තුරැල් කරගනිමින් කීහ.
ඒකනම් එහෙම තමයී..තව ටිකක් බලමුකෝ..." හද දිහා බලාගෙන ඈ දෑත් එකට බැඳ ගත්හ .
නතාශී රදීශ් ට එච්චර ම ආදරේ ද...?
ඔව් අක්කේ... ඒක ඉතින් හැමෝම දන්නවනේ... "
රදීශ් ව ම මැරි කරන්න හිතෙනවද...??
ඇයි ඩිස්නි අක්කේ... එහෙම කියන්නේ ...?? ඈ කුතුහලයෙන් කීහ.
නෑ.. නංගි මං පුතා ව තියන්න යනවා... ඔයත් දැන් යන්න.." ප්‍රශ්නයෙන් පිට පැන්න ඩිස්නි මයෝන් එක්ක ගෙට ගියහ.
ටික වෙලාවකට පසු රදීශ් ආහ. ඔහු එනවිටත් නතාශි සිටියේ එලිමහනේ ය.නතාශි රදීශ් ට කතා කලහ.
නතාශී.... කොයි වෙලාවේද ආවේ..?
දවල්... ආවේ... "
මාත් ලොකු මීටින් එකකට ජොයින් වුනා .. ඒකයි ලේට් වුනේ..."
මේ... අයියේ...අපි ටිකක් කතා කරමුද... ? මොකද ඉතින් කතා කරන්න දේවල් තියෙනවනේ..." ඈ අහක බලමිනි ලැජ්ජාවෙන් තම දුරකථනය අල්ලට දැඩි ව තද කරමින් කීහ.
මොනවද...?
ඇයි අනේ... තරහෙන් වගේ... අනික අපේ....
නතාශි ට තවත් කිසිත් ඉතිරි නොකර රදීශ් තමන්ට මහන්සි බව කියමින් ගෙට ගියාය.
තරප්පු පෙල පාගමින් උඩට ආ රදීශ් සොරට තට්ටු දැමීය.
ආ... සුදූ..."
තම ටවල් එක පිටින් ම උන් රශ්මි කොණ්ඩේ වෙලාගනිමින් උන්හ .
මොකද මෙච්චර වෙලා ඉඳලා නෑවේ..."
නිකන්...රත්තරං ....
මං කිසිත් නොකියා ඇඳුමක් රැගෙන බාත්රෑම් එකට ගියා.
ආාය එද්දි රදීශ් උන්නේ ඇදෙහි වාඩි වීය.
රශ්මී මට ඇත්ත කියන්න... ඔයා අද මලානික වෙලා වගේ... "
කම්මුල් අතගාමින් ඔහු කීහ.
මට ඇත්තම කියන්න ... ඔයා නිකන් මහන්සි වෙලා වගේ ඉන්නේ.... වෙනදා ඔයා ඔහොම නෑ රත්තරං .. මං නැති වෙලාවට ඔයා මෙි ගෙදර සතුටින් ද ඉන්නේ ...."
ඔව්... සුදූ.... දැන් ගිහින් වොශ් දාගන්නකෝ...."
මං දාන්නම්... ඒත් මට බොරැ කිය කිය ඔයා දුක් විඳින්නම් එපා.. මං මේ හැමදේම කරන්නේ ඔයාව සතුටින් තියන්න...හරිද.. මගේ පණ..
රදීශ් අවිහිංසක ලෙස එහෙම කියලා ආයෙම පාරක් මගෙ මුණ දිහා බලන් බාත්රෑම් එකට ගියා.
එහෙම්ම මං ඇඳට වැටී කල්බනාවට වැටුණි.
මං කොහොමද ඉතින් .... කියන්නේ ...ඒක.කවදාවත් කරන්න බැ... කොහෙවත් ඉන්න මං නිසා එයාලගෙ පවුලෙ බැඳීම් නැති කරන්න මං කැමති නැ...
මං එහෙම කියාගත්හ.
ඊළඟ කොටසට ....