Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Suspended account � level_badge

Suspended account

Member

Jul 05 2024 @ 00:06

හිමෝෆීලියාව තියෙන මිනිහෙක්ට



ඇය නික්ම ගිය පසු
ලේ වැක්කෙරෙන හදවත
දිගහලෙමි දවසක්
යහලුවෙකු ඉදිරිපිට

බීර උගුරක් තොලගා
උමතුවෙන් හිනැහුණා ඔහු
හොදටෝම මත්වූ විලසට
උගුරයිනෙ බිව්වෙ හරියට

"මචං ගනං ගන්නෙපා
කාලයත් එක්ක වේලෙනවා තුවාල
ඔය ලේ පොඩ්ඩක් ගැලුවට
මැරෙනවා කියලයැ උඹ? "

හුස්මක්වත් නොගෙන
තප්පරයක් බලාගෙන හිටියා මම
ලේ ගලන හදවත
හෙමි හෙමින් පිරිමැද

"ලේ ගලන තුවාළ වුණත්
දවසක හොඳවෙනවා ගොඩක්විට
ඒත් පොඩිම තුවාලයක් වුණත් ඇති
*හිමෝෆීලියාව තියෙන මිනිහෙක්ට*