Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Suspended account � level_badge

Suspended account

Member

Jul 11 2024 @ 00:41

ඔයා එනවද නැද්ද



මට ඕනෙ දැන් ඔයා එක්ක
ගර්තයක් ඇතුළට යන්න
අපිච්ඡද මෙට්ටෙ උඩ සැපට
අපිට පුලුවන් ගුලිවෙලා නිදියන්න

අපිච්ඡද සෛල දෙකක් ගලවලා
අපිට පුලුවන් කොට්ට පොර ගහගන්න
ඉතිං ඉක්මනට කියන්න මට
*ඔයා එනවද නැද්ද* යන්න

මට ඕනෙ දැන් ඔයා එක්ක
රුධිර කේෂනාලිකාවක් ඇතුළට යන්න
රතු රුධිරාණුවක් උඩ ඉදගෙන
ඇඟ වටේ රෝලර් කෝස්ටර් යන්න

මට ඔනෙ දැන් ඔයා එක්ක
හදවතක් උඩ ඇලවෙන්න
"ලබ්...ඩබ්..." ගාලා හදවත ගැහෙද්දි
කොච්චරක් ආදරෙයි ද හීනියට විමසන්න

මට ඕනෙ දැන් ඔයා එක්ක
ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා
අල්ලන්න වගේ දුවගෙන එන්න

අපිට ඒ ගමං පුලුවන්
කංකාල පේෂියක සෛල වෙන්න
කොයි තරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ ගැන කියවන්න
අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා කොඳුරන්න

ඉතිං ඉක්මනට කියන්න මට
*ඔයා එනවද නැද්ද* යන්න