Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Suspended account � level_badge

Suspended account

Member

Jan 19 2025 @ 03:46

වෙන කවුරුවත් ආදරේ කරන එකක් නෑ



• මං තරම් කාටවත් ඔයාව ලස්සනට දකින්න බෑ කියලා මං කියන්නෙ නෑ.

ඔයා කොහොමත් ලස්සනයි.කාට උනත් ලස්සනට පේනවා.ඒකෙ කියන්න දෙයක් නෑ..


• මං තරම් ඔයා වෙනුවෙන් කැපකිරීම් කරන්න කවුරුවත් ඉදිරිපත් නොවෙයි කියලා මං කියන්නෙ නෑ..
ඔයා වගේ කෙනෙක්ව නැතිකරගන්න කවුරු වුණත් කැමති වෙයි කියලා මං නම් හිතන්නෙ නෑ

..

ඔයා වෙනුවෙන් මං තරම් බලාගෙන ඉන්න කාටවත් බෑ කියලා මං කියන්නෙ නෑ. 
ඔය ඇස්වලින් දෙන බලාපොරොත්තු වලින් ගැලවෙන්න ලේසියෙන් මනුස්සයෙකුට බෑ..


• මං තරම් ඔයාව සතුටින් තියන්න මේ ලෝකේ කාටවත් බැරිවෙයි කියලා මං කියන්නෙ නෑ..
ඔයා කොහොමත් සතුටින් ඉන්නෙ. ඉතින් ඒකට ඔයාට මාව ඕන නෑ..


• මං තරම් ඔයාට ගැළපෙන කෙනෙක් ඔයාට හම්බ නොවෙයි කියලා මං කියන්නෙ නෑ .
ගැලපුණාට වඩා මං ඔයා වෙනුවෙන් දේවල් ගලපත්තා ඒවා ඔයාවත් දන්නෙ නෑ..


• ඉතින් මට වඩා හොදට ඒක කරන අය ඉදියි.නැතිවෙන්න විදිහක් නෑ..
• කිසි දේකින් අඩුවක් නැති ඔයාට
කිසි දේකින් අඩුවක් වෙන එකක් නෑ..


• ඔය මුකුත්ම නැති මට ,ආදරේ කරපු ඔයත් නැතිදාට
මටනම් වෙන කවුරුවත් ආදරේ කරන එකක් නෑ..!


-🥺❤️‍🩹-