Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Suspended account � level_badge

Suspended account

Member

Jan 19 2025 @ 03:46

වෙන කවුරුවත් ආදරේ කරන එකක් නෑ



• මං තරම් කාටවත් ඔයාව ලස්සනට දකින්න බෑ කියලා මං කියන්නෙ නෑ.

ඔයා කොහොමත් ලස්සනයි.කාට උනත් ලස්සනට පේනවා.ඒකෙ කියන්න දෙයක් නෑ..


• මං තරම් ඔයා වෙනුවෙන් කැපකිරීම් කරන්න කවුරුවත් ඉදිරිපත් නොවෙයි කියලා මං කියන්නෙ නෑ..
ඔයා වගේ කෙනෙක්ව නැතිකරගන්න කවුරු වුණත් කැමති වෙයි කියලා මං නම් හිතන්නෙ නෑ

..

• ඔයා වෙනුවෙන් මං තරම් බලාගෙන ඉන්න කාටවත් බෑ කියලා මං කියන්නෙ නෑ. 
ඔය ඇස්වලින් දෙන බලාපොරොත්තු වලින් ගැලවෙන්න ලේසියෙන් මනුස්සයෙකුට බෑ..


• මං තරම් ඔයාව සතුටින් තියන්න මේ ලෝකේ කාටවත් බැරිවෙයි කියලා මං කියන්නෙ නෑ..
ඔයා කොහොමත් සතුටින් ඉන්නෙ. ඉතින් ඒකට ඔයාට මාව ඕන නෑ..


• මං තරම් ඔයාට ගැළපෙන කෙනෙක් ඔයාට හම්බ නොවෙයි කියලා මං කියන්නෙ නෑ .
ගැලපුණාට වඩා මං ඔයා වෙනුවෙන් දේවල් ගලපත්තා ඒවා ඔයාවත් දන්නෙ නෑ..


• ඉතින් මට වඩා හොදට ඒක කරන අය ඉදියි.නැතිවෙන්න විදිහක් නෑ..
• කිසි දේකින් අඩුවක් නැති ඔයාට
කිසි දේකින් අඩුවක් වෙන එකක් නෑ..


• ඔය මුකුත්ම නැති මට ,ආදරේ කරපු ඔයත් නැතිදාට
මටනම් වෙන කවුරුවත් ආදරේ කරන එකක් නෑ..!


-🥺❤️‍🩹-