Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Gothami Amodya level_badge

Gothami Amodya

Member

Nov 15 2026 @ 00:17

අහඹු හමුවීම



අහඹු හමුවීම


හැදින්විම


ජීවිතේ සමහර හමුවීම් අහඹුයි. හරියට දුම්රිය ස්ථානයකදි දකින නුහුරු හිනාවක් වගේ.

ඇය... පොඩි කෙල්ලෙක්. ගෙදරින් " මගුල් විසේ " කියලා බනීවි කියන බයට, හිතේ ඇතිවෙන පොඩි හැඟීමත් හංගගෙන ඉන්න අහිංසක, ලැජ්ජාකාර කෙල්ලෙක්. ඒත් වැරදි වැඩක් කරන්න කලින් ඉස්සෙල්ලාම කියන්නේ එයාගේ ලොකු අක්කට.

ඔහු... ලහිරු. වේයන්ගොඩින් එන, නිහඬව ඇය ළඟට වෙලා ඉඳලා, කෝච්චිය එද්දි දුවලා යන අහඹු ආගන්තුකයා.

Course එකේ Group එකකින් පටන් ගත්ත ඒ අහඹු හමුවීම, Whatsapp chat එකක් දක්වාත්, කැන්ටින් එකේ නිහඬ බැල්මක් දක්වාත් දුර යයි කියලා ඇය හීනෙකින්වත් හිතුවේ නෑ.

ඒ බැල්ම පිටුපස තිබුණේ මොකක්ද?

අහඹු හමුවීමකින් පටන් ගත්ත ආදරණීය කතාවක්...


චරිත හඳුන්වාදීම


1. සඳුනි / නංගි / චූටි - (ප්‍රධාන චරිතය)

මේ කතාව කියන කෙල්ල. පොඩි වයස නිසා ආදරය කියන දේටත් ටිකක් බයයි. ලැජ්ජාකාරයි, හිත හරිම පිරිසිදුයි. Course එකට යන්නේ ලොකු හීනයක් හිතේ තියාගෙන.

2. ලහිරු අයියා

වේයන්ගොඩ ඉන්නේ. ටිකක් උසයි, නිහඬයි, හිනා වුණාම හරිම ලස්සනයි. Station එකේදී නංගි දිහා හොරෙන් බලන් හිටපු කෙනා. Course එකේ Group එකේ Leader. Software ගැන හොඳට දන්න, සෙල්ලක්කාරයි වගේ පෙනුනට හිත හරිම කරුණාවන්ත කෙනෙක්.

3. ෆාතිමා

Course එකට ගිය පළවෙනි දවසේ හම්බවුණු හොඳ යාළුවෙක්. ගොඩක් Fashion කරන කෙනෙක්. නමින්ම අඳුරගන්න පුළුවන් මුස්ලිම් ගැණු ළමයෙක් කිය්ලා.

4. නෙත්මි

නංගිගේ හොඳම යාළුවා. කටකාරයි, ඕන දෙයක් කෙලින්ම කියන කෙනා. ලහිරු අයියා ගැන විස්තර ඇහුවේ එයාගෙන්.

5. තරුෂි

ඉස්කෝලේ 10 වසරේදී හම්බවුණු යාළුවා. එයත් හොඳ කෙනෙක්.

6. පහන්දි

ඉස්කෝලේ යාළුවෙක්. 6 වසරේදී හම්බවුණු හොඳම යාළුවෙක්.

7. මිස්

Course එකේ Lecturer. ළමයින්ට ගොඩක් ආදරෙයි.

මේ චරිත ටික වටේ තමයි මේ ලස්සන කතාව ගෙතෙන්නේ.